දැනුම

සත්ව ලෝකයේ අරුම පුදුම ගති පෙන්වන සතුන් 10 ක්

පුදුම හිතෙයි ඔයාට මේ දේවල් කියවද්දි

අපේ සත්ව ලෝකයේ නොයෙකුත් පුදුමාකාර දේ බොහෝමයක් තියෙනවා.අද ලිපිය වෙන්වෙන්නේ ඒ සත්ව ලෝකේ පුදුමාකාර අරුම පුදුම තොරතුරු ටිකක් වෙනුවෙන්.

01.මීයන්ගේ බෝවිමේ වේගය ඇසුවොත් ඔබට අදහන්නත් බැරි වේවි.මීයන් දෙදෙනෙකුට හැකියි මාස 18 ක් වැනි කෙටි කාලයක් තුල දසලක්ෂයක් තරම් මී පරපුරක් බිහිකරන්න.

02.වැඩිම ශබ්දයක් පිට කරන්න පුළුවන් යැයි සලකන්නේ නිල් තල්මසාටයි.සංඛ්‍යාත්මක දත්ත වලට අනුව නිල් තල්මසකුගේ ශබ්දය ඩෙසිබල් 188ක්..ඒ ශබ්දය කොතරම් ප්‍රබලද කීවොත් කිලෝමීටර් 800 පමණ දුරට ඇසෙනවා.

03.අශ්වයන් සහ ගවයන් නිදා ගන්නේ හිටගෙනමයි.ඔවුන් බිම හාන්සි වෙලා නිදා ගන්නවා ඔබ දැක තිබෙනවාද ?

04.ආක්ටික් සාග‍රයේ ජීවත් වෙන යෝධ ජෙලිෆිෂ් මත්ස්‍යකුගේ අඩු මීටර් 36 තරම් දිගු බව ඔබ දන්නවාද ?

05.ලෝකට්ස් නම් කෘමියා තණකොල පෙත්තාගේ පවුලට අයිති තවත් සතෙක්.ඔවුන් වැඩිපුර දිවිගෙවන්නේ ද.අප්‍රිකාව ඉන්දියාව ඕස්ට්‍රෙලියාව වගේ රටවල.ලෝකට්ස් සත්වයාගේ මාංශපේෂියක ශක්තිය ගැන ඇහුවොත් ඔබ පුදුමයෙනුත් පුදුමයට පත්වේවි.උගේ කකුලේ මාංශපේශියක ශක්තිය මිනිසාගේ කකුලේ මාංශපේශීයක මෙන් දහස් ගුණයකින් වැඩියි.

06.හමිං බර්ඩ් එහෙම නැත්නම් පැණිකුරුල්ලා කෙතරම් වේගවත් ඒ කියන්නේ කඩිසරද කිවොත් ඌට පිටුපසට වුවද පියාසර කරන්න පුළුවන්.

07.රයිනෝගේ අග සෑදි තිබෙන්නේ ඉතාඝනව හා එකට බැදුණු ලොම් වලින් මිස අස්ථියකින් නොවෙයි.

08.මිනිසුන්ට වගේ නොවෙයි බැටලුවන්ට ආමාශ 4 ක් තිබෙනවා ඒ හැම එකකින්ම ආහාර දිරවන්න පුළුවන්.

09.මී මැස්සන් මදුරුවන් රැහැයියන් වගේ උන්ගේ හඩ පිට කරන්නේ උන්ගේ පිහාටු වේගයෙන් චලනය වීම නිසා

10.සර්පයෙක් ඇස් වසාගෙන සිටියත් ඌට ඇස් අස්සෙන් පේනවා…

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top