දැනුම

දූරියන් කන්න කලින් මේකත් කියවන්න

ගෙඩියේ විශාලත්වය, කටු සහිත බව සහ එයටම අවේණික වූ සුවද හේතුවෙන් දූරියන් ‘‘පළතුරු ලොවේ රජු“ ලෙස හදුන්වයි. අග්නිදිග ආසියාවට ආවේණික පළතුරක් වන දූරියන් මේ වන විට බටහිර රට වලත් ප්‍රචලිතව ඇත. මෙම පළතුරෙහි ඇති විශේෂත්වය වන්නේ එහි ඇති ආවේණික සුවදයි. මෙම සුවද ඇතැමෙකුට ඉතාමත් අප්‍රිය ජනක වන අතර සමහරුන් ඉතාමත් ප්‍රිය කරයි. කොහොම වුනත් දූරියන් කන අය නම් කියන්නේ මෙය ලෝකයේ ඇති රසවත්ම පළතුර බවයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම දුරියන් ප්‍රබේධය ‘‘කසුන්‘‘ ලෙස නම් කර තිබෙනවා.

දූරියන් වල ඇති ආවේණික සුවද ඇතැම් අයට ඉතාම අප්‍රිය නිසා සමහර රටවල හෝටල්, පොදු ප්‍රවාහන සේවා උමං මාර්ග වලට මෙම පළතුර රැගෙන ඒම පවා තහනම් කර ඇත.

01. සාමාන්‍යයෙන් අඩියක් පමණ දිග අ`ගල් 6ක් පමණ පළල වන මෙම පළතුර වැඩි වශයෙන් ප්‍රචලිත වී ඇත්තේ දකුණු හා ගිණිකොන දිග ආසියානු රටවලයි.

02. ඉතාමත් ශක්තිජනක ආහාරයක් වන දූරියන් වලින් සිරුරට අවශ්‍ය වන කාබෝහයිඩ්‍රේට් අඩංගු වේ.

03. දූරියන් වල අඩංගු වන ෆෝලික් ඇසිඞ් මගින් සිරුරට අවශ්‍ය රතු රුධිරානු වර්ධනය කිරීමට උපකාරී වේ.

04. සම්පූර්ණයෙන්ම කොලෙස්ටරෝල් රහිත පළතුරක් වන දූරියන් ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම සමබරව තබාගත හැකි වේ.

05. දූරියන් ගෙඩියක් ගසෙන් වැටීමෙන් පසු දවස් 2ත් – 4ත් අතර කාලයක් අතර ආහාරයට ගැනීමට වඩාත් සුදුසු වේ. එම කාලය තුළ ආහාරයට ගැනීමෙන් එහි අඩංගු පෝෂ්‍යපදාර්ත නිසි පරිදි ලබා ගත හැක.

06. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ දූරියන් ආහාරයට ගැනීමෙන් පසු ලිංගික සංසර්ගයේ යෙදීමෙන් සාර්ථක ප්‍රථිපල නෙලාගත හැකි වන අතර ශුක්‍රානු වල ක්‍රියාකාරිත්වය ඉහළ මට්ටමකට පත් කරයි.

07. මෙහි අඩංගු විටමින් බී නිසා සිරුරේ අස්ථි හා දත් වල ශක්තිමත් භාවය වැඩි වන අතර ඔසිටියෝපරෝසිස් වැනි රෝග වලින් වැලැක්වී සිටිය හැකි වේ.

08. ස‍ම පැහැපත් කිරීමට හා නිරෝගීමත් කෙස් කළඹක් ලබා ගැනීමට දූරියන් ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබේ.

09. 1960 පිලිපීනයේ කැලෑ වල තිබී කටු රහිත දූරියන් විශේෂයක් සොයාගන්නා ලදී. මෙය බොටක් දූරියන් (තට්ට දූරියන්) ලෙස හදුන්වයි.

10. අප රටේ දක්නට ලැබෙන දූරියන් වලට අමතරව රතු පැහැති සහ තැඹිලි පැහැති මාංශල සහිත දූරියන්ද වෙනත් රටවල දක්නට ඇත.

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top