ක්‍රිඩා

ක්‍රිකට් තහනමකට ලක්ව සිටින දික්වැල්ල,මෙන්ඩිස් සහ ධනුෂ්කට කැඳවීමක්

ක්‍රිකට් තහනමකට ලක්ව සිටින නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක යන තිදෙනා හෙට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ එංගලන්ත තරඟ සංචාරය අතරතුර ඩර්හැම් හීදි ජෛව ආරක්ෂක බුබුලේ රෙගුලාසි උල්ලංඝනය කරමින් විනය විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පත් කළ පංච පුද්ගල කමිටුව හමුවේ කරුණු දැක්වීමටයි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායකගේ සභාපතිත්වයෙන් යුතුව එම පංච පුද්ගල කමිටුව පත් කෙරුණා. මීට පෙර මෙම ක්‍රීඩකයින් තිදෙනා තමන් අතින් වරද දෙකක් සිදුවු බව පිළිගනිමින් එයට සමාව ඉල්ලා ලිපියක් යොමු කළ බව ද වාර්තා වනවා.

මේ අතර කෘනාල් පාණ්ඩ්‍යා සමඟ සමීප සබඳතා පැවැත්වූ ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 08 දෙනාට ඉදිරි විස්සයි 20 තරග දෙක අහිමිවී තිබෙනවා.

පීසීආර් පරීක්ෂණ අනුව ඔවුන් කොරෝනා ආසාදිතයින් නොවන බව තහවුරු වී ඇතත් ඔවුන් නිරෝධායනයට යොමු කර ඇති නිසා ඉදිරි තරඟ සඳහා සහභාගී නොකිරීමට තීරණය කර ඇත්තේ සෞඛ්‍ය උපදෙස්වලට අනුවයි.

 

උපුටා ගැනීම – Neth News

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top