මං ඉතින් මොකක් හරි අළුත් දෙයක් දැනගත්තම යාළුවන්ටත් කියන්න තමා උත්සහ කරන්නෙ ඉතිං..අද කියන්නෙ ඉක්කාව ඇති වෙන හැටි ගැන…හැමෝටම කවද හරි මේ ඉක්ක වැටෙන වැඩේ වෙලා තිබුණට මේ ගැන දන්නේ නෑනෙ ගොඩක් යාළුවො..මේක ඇතිවෙන්නෙ..අපේ ආශ්වාස ක්රියාවලියෙ ඇතිවෙන අසාමාන්ය තත්වයක් නිසා..
හැමෝටම අත්දැකීමක් තියෙනවා..අපි වේගෙන් මොනව හරි කෑවම බීවම තමා මේ ඉක්කාව ඇතිවෙන්නෙ..ආශ්වාස ක්රියාවලිය සිදුවෙන්න නම් අපේ උරස් කුහරයේ පරිමාව වැඩි වෙලා පීඩනය අඩු වෙන්න ඕනි..
මේ පරිමාව වැඩි කිරීමේ ක්රියාවලිය සිදුවෙන්නේ අන්තර්පර්ශුක පේශි සහ මහා ප්රාචීරය සංකෝචනය වීමෙන්.සාමාන්යයෙන් මේ මහා ප්රාචීරය තමා අපේ උදර කුහරය සහ උරස් කුහරය වෙන් කරන්නේ..මහා ප්රාචීරය පවතින්නේ පෙනහළු දෙසට වක්ර වූ ස්භාවයකින් . පරිමාව වැඩි කරන කොට ඇදිල ගිහිල්ල මේ වක්රතාව නැති වෙලා පැතලි ස්භාවයක් ගන්නවා.. ප්රාශ්වාස ක්රියාවලියෙදි පරිමාව අඩු කර ගන්න නැවත ඉහිල් වෙලා වක්ර ස්වභාවයම ගන්නවා..
ඒත් අපි හදිස්සියෙම කෑමක් බීමක් ගත්තොත් එහෙම වුන වෙලාවට එකපාරටම මහාප්රාචීරය ඇදිල තියෙන වෙලාවක මේක ඒ විදියටම නතර වෙන්න පුළුවන්..එතකොට පරිමාව වැඩි නිසා පීඩනය අඩුයි..පිටත වායුගොලයේ පීඩනය වැඩි වෙන හින්දා පිටත ඉදන් ඇතුලට වාතය ගමන් කරන්න පටන් ගන්නවා..
මහාප්රාචීරය ගැස්සෙමින් නැවත මුල් තත්වෙට ඉහිල්වෙන්න උත්සහ කරනවා..මෙහෙම වරින් වර වේගයෙන් අපේ ශ්වසන මාර්ගයට ඇතුළු වෙන වාතය නිසා ස්වරාලයේ ස්වර තන්ත්ර වල ගැටීම නිසා තමා හික් හික් ඉක් ඉක් විදියට ශබ්දෙකුත් එක්ක මේ තත්වය ඇති වෙන්නේ…යාළුවො හැමෝටම දැන් මේ සිද්ධිය තේරෙන්න ඇති කියල හිතනවා…