දැනුම

නින්ද හැමෝටම වැදගත්

සමහරුන්ට ගොඩක් වෙලා නින්ද යනවා සමහරුන්ට නින්ද යන්නෙම නෑ කොහම වුනත් හොද නින්දක් නීරෝගීකම සදහා ගොඩක් බලපාන දෙයක්.

නින්ද ගැන කතා කලොත් ඉතින් කියන්නනම් ගොඩක් දේවල් තියෙනවා කියල යාළුවො හැමෝම දන්නවනේ..අද කාලේ ඉතින් උදේ දවල් රෑ කියල වෙනසක් නැතුව වැඩ රාජකාරී බොහොමයක් තියෙයි කරන්න.කොටින්ම කීවොත් කාර්යබහුල සමාජයක් තමා අද දකින්න තියෙන්නෙ..

ඉතින් ඔයාල‍ ක්‍රියාත්මක කරන කාලසටහනේ නින්දටත් කාලයක් වෙන් කරල තිබීම අත්‍යාවශ්‍යයි.මොකද ඉතින් මේ නින්ද නොනින්දට වැ‍ටීම අද කාලේ ‍බොහොමයක් දකින්න ලැබෙන දෙයක්.එහෙම ‍නින්ද නොනින්දට වැටෙන ‍එක නම් හොද පුරුද්දක් නොවන බව විද්වතුන් බොහෝ විද්‍යාඥයන් පෙන්වල දීල තියෙනවා..ඒත් කොච්චර පෙන්වල දුන්නත් හරියට නිදානොගන්න අය ‍ඕනි තරම් ඉන්නවා…

දැනට සොයාගෙන ඇති විදියට හොද නින්දක් ලබා නොගැනීම රෝගාබාධ 84කට පමණ හේතු වෙනව…ඒ කියන්නේ හෘදය ආශ්‍රිත රෝග අධිරුධිර පීඩනය හෘදයාබාධ , ආඝාත තත්ව දියවැඩියාව වකුගඩු ආශ්‍රිත රෝග වගේ බොහොමයක් රෝග වලට මුල තමා මේ අඩු නින්ද…ඒහෙමත් නැත්නම් ප්‍රමාණවත් නොවන නින්ද.ලෝක ජනගහණය බැලුවත් 45% කට පමණ මොනයම් හෝ නින්ද ආශ්‍රිත ගැලුවක් තිබෙන බවත් මේ වන විට ‍සොයාගෙන ඇති කරුණක්…

එක් එක් වයස් කා‍ණ්ඩ වලට අවශ්‍ය කාලය මෙන්න…

අලුත උපන් දරුවෙක්ට මාස 2 ක් දක්වා – පැය 12 – 18
බිලිදුන් මාස 3 – 11 දක්වා – පැය 14 – 15
අවුරුදු 1 -3 – පැය 12 – 14
පෙරපාසල් දරුවන් අවුරුදු 3 – 5 – පැය 11 – 13
පාසල් යන වයසේ දරුවන් 5 – 10 – පැය 10 – 11
යොවුන් වියේ දරුවන් අවුරුදු 10 – 17 – පැය 8.5 – 9.25
වැඩිහිටි – පැය 7 – 9

‍රෝගා බාධ වලට අමතරව නින්ද මාරක අනතුරු වලටත් හේතුවක් වෙලා තියෙනවා..පොඩ්ඩක් හිතල බලන්නකෝ අපේ මේ ලංකාවේ වුනත් නින්ද නිසා රිය අනතුරු වෙනවද කියල.ලෝකයේ ඇමරිකාව ඉන්දියාව වගේ රටවල් වලත් ඉතාම බහුලවම මේ රිය අනතුරු සිදුවෙන්නේ නින්ද නිසා..මිනිස් සිරුරට විවේකයක් අවශ්‍යයයි..ඒ නිසා මේ නින්ද හරි හැටි නොගැනීම නිසා තමා මම කියපු ‍ඉහත කියන ගැටලු බොහොමයක් ඇති වෙන්නේ..ඉතින් ප්‍රමාණවත් පරිදි නින්ද ලබා ගැනීම ගැන ඔයාලත් සැලකිලිමත් වෙන්න..

පාඩම් කරද්දී වුනත් නිකරුනේ නිදිමැරීම නෙමෙයි කල යුතු වන්නේ…පාඩම් කරද්දී වැදගත් වෙන්නේ යම් කාලයක් තුල අර්ථාන්විතව අධ්‍යයන කටයුතු වල නියැලීම.එහෙම නැතුව මම ඊයේ නිදා ගන්න කො‍ට මෙච්චරයි වෙලාව කිය කිය පුරසාරම් දොඩවන එක නෙවේ..ඒ නිසා බො‍රුවට හිත එකග නොකරගෙන පාඩම් කරන් නැතුව හරියට අවදියෙන් ඉන්න පුළුවන් වෙලාවක ප්‍රමාණවත් නින්දක් ලබා ගෙන අධ්‍යයන කටයුතු කරන්න පුරුදු වීමත් යාළුවන්ට හොදයි කියල මං හිතනවා..

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top