ක්‍රිඩා

පරාජයන් ගැන නායක කුසල් ජනිත් සමාව ඉල්ලයි

එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් සිටින අතරතුර රාත්‍රී කාලයේ ඩරම් ප්‍රදේශයේ සැරිසැරූ බවට චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් තමා මේ මොහොතේ කිසිවක් පැවසීමට අකමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා පවසයි.

අද (28) මාර්ගගත මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එම අදහස් පළ කළේය.

තරඟාවලියක් ආරම්භ කිරීමට සිටින මොහොතක් වන බැවින් තමා ඒ පිළිබඳ කතා කිරීමට අකමැති බවත් මේ හේතුව මත එම ක්‍රීඩකයින්ට තරඟයට සෙල්ලම් කිරීමට නොහැකි වුවහොත් එය තරඟයට බලපෑමක් වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

නවක ක්‍රීඩකයින් සමඟ හෙට (29) තරඟයට මුහුණ දීමට සිදුවුවහොත් අත්දැකීම් අඩු බැවින් ලෝකයේ හොඳම කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමේ දී එය පහසු නොවන බව ද කුසල් ජනිත් පෙරේරා කියා සිටියේය.

පුළුවන් තරම් හොඳ දෙයක් කරලා තරඟයක් ලබාදෙන්න බලාපොරොත්තු වන බව ද පැවසු කුසල් ජනිත් පෙරේරා, කාලගුණය විශාල අභියෝගයක් වී ඇතැයි ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කුසල් ජනිත්,

“ඇත්තටම මම ෆෑන්ස්ලාට කියන්න තියෙන්නේ, අපි පරාද වෙන විදියට ගොඩාක් අය දුකෙන් ඉන්නේ. ඒ වෙලත් අපිට මෙහෙම කතා කරලා සුබ පතන එක ගැන අපි සතුටුවෙනවා. මේ වගේ තත්ත්වයක දී සුබ පතන එක ගැන සතුටුයි. කණගාටුව ප්‍රකාශ කරන්න ඕනේ ඒ අයගේ තියෙන බලාපොරොත්තු අපි සීමිත ප්‍රමාණයක් අපි නැතිකරලා තියෙනවා. ඒ ගැන ඇත්තටම නායකයා විදියට සමාව ඉල්ලනවා. මේ වෙලා තියෙන ප්‍රශ්න එක්ක මෙහෙම ෆෑන්ස්ලා ඉන්න එක ගැන සතුටුයි. ඉක්මනින් මේ හැමදේම හදාගෙන තරඟ දිනන්න තමා බලාපොරොත්තුව.“

 

Video – https://youtu.be/pO0b1zokEns

එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරඟය හෙට (29) ඩරම් හිදී පැවැත්වේ.

උපුටා ගැනීම – අද දෙරණ

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top