හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියට වසර 02 ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය කටයුතු කර තිබෙනවා.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දුෂන මර්ධන පනතේ වගන්ති දෙකක් උල්ලංගනය ඊට හේතුව ලෙස ඔවුන් දක්වා තිබෙනවා

2017 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට සහය නොදීම ගැන සනත් ජයසූරියට පසුගිය ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය මගින් චෝදනා එල්ල කෙරිණි.
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ, අදාළ චෝදනාවලට සනත් ජයසූරිය වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුට වසර දෙකක ක්‍රිකට් තහනමක් ලබා දීමට තීරණය කළ බවය
සනත් ජයසූරියට අයත් ජංගම දුරකතනයක් පරීක්ෂණ සඳහා භාර දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කළ ඉල්ලීම නිසි ලෙස ඉටු නොකිරීම මෙලෙස තහනමක් පැනවීමට හේතු වී තිබේ.
මේ තහනමට අනුව සනත් ජයසූරියට සියලු ම ආකාරයේ ක්‍රිකට් ක්‍රියාකාරකම්වල නියැළීම වසර දෙකකට තහනම් වේ.
එසේ ම, මෙම කාලවකවානුව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සම්බන්ධ කිසිදු ක්‍රිකට් ක්‍රියාකාරකමක නියැළීමට ද සනත් ජයසූරියට නොහැකිය.
ජාත්‍යන්තර කවුන්සිලයට සම්බන්ධ රටවල ද එම තහනම බලපැවැත්වෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිදු කටයුත්තකට ද සනත් ජයසූරියට සහභාගි වීම තහනම්ය.
ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම, තනතුරක් දැරීමට අමතරව නිල උත්සවවලට සහභාගිවීම ද කළ නොහැක.
අනිත් අයටත් කියවන්න share කරන්න
.