News

කෙරවලපිටිය LNG ටෙන්ඩරය චීනයට දීම අත්හිටුවීමට තීරණය කරයි

LNG බලාගාර ටෙන්ඩරය චීන සමාගමට ලබාදීම සදහා විදුලිබල අමාත්‍යංශය ගනු ලැබූ තීරණය සාධාරණීකරණය කිරීම සදහා මීට පෙර මාධ්‍ය හමුව කැඳවා තිබුණද ඊට සම්බන්ධවූ දේශීය සමාගමේ ඉංජිනේරුවරුන් විසින් තර්කානුකූලව අදහස් දක්වමින් මෙම ටෙන්ඩරය චීන සමාගමට ලබාදීම නිසා රුපියල් මිලියන 90,000 පාඩුවක් ඉදිරි වසර 20ක කාලය තුලදී සිදුවන බව පැහැදිලි කරන ලදි.

එම වීඩියෝව පහතින්

LNG ටෙන්ඩරය

LNG ටෙන්ඩරයේ ගැටලු සියල්ල එලියට – මාධ්‍යවේදීන්ටත් තර්ජන

Posted by ඒෂියන් මිරර් – Asian Mirror on Thursday, February 21, 2019

ඉදිකිරීමට නියමිත මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුතු කෙරවලපිටිය LNG බලාගාර ටෙන්ඩරය නිසි පටිපාටියෙන් බැහැරව චීන සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය කටයුතු කලේය යනුවෙන් පොදුජනතාව වෙතින් එල්ල වන විරෝධය සැලකිල්ලට ගනිමින්, එම ටෙන්ඩර් ක්‍රියාදාමය පිළිබඳ විමර්ශණයක් සිදුකොට ටෙන්ඩරය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා වාර්තාවක් ලබාදෙන ලෙසට නියෝග කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් අමාත්‍යවරු හතර දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර ඇත.

අද (26) උදෑසන පැවති කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

අමාත්‍ය පාඨලී චම්පික රණවක, මලික් සමරවික්‍රම, රවී කරුණානායක සහ ආචාර්‍ය හර්ෂ ද සිල්වා එම අමාත්‍ය කමිටුවේ සාමාජිකයින් ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.

සතියක කාලයක් ඇතුලත මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් කරුණු සොයා බලා තමා වෙත වාර්තාවක් සපයන ලෙස ජනාධිපතිවරයා විසින් කමිටු සාමාජිකයින් වෙත නියෝග කර තිබේ.

මේ අතර මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිය නිරීක්ෂණයන් අඩංගු විශේෂ වාර්තාවක් කැබිනට් මණ්ඩලය වෙත ලබාදී තිබේ. එම වාර්තාව මගින්,

ප්‍රසම්පාදන ක්‍රියාදාමයෙන් බැහැරව මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය (PAB) මැදිහත්වීම නිති විරෝධී වන බවත්,
ආරම්භයේ සිටම එල්.එන්.ජී ඉන්ධන වලින් දහනය වන ලෙස මෙම බලාගාර ඉදිකිරීමට කැබිනට් මණ්ඩල යෝජනාවේ සදහන්ව තිබුනද, මෙතෙක් ශ්‍රී ලංකාවේ LNG පර්යන්තයක් නොමැති බැවින් එසේ ආරම්භයේ සිටම LNG භාවිතා කිරීම ප්‍රායෝගික නොවන බවත්,

විදුලිබල මණ්ඩලයට අයත් සමාගමක් වීම පමණක් නිසා ටෙන්ඩර් ක්‍රියාදාමයෙන් බැහැරව ලක්දනවි සමාගමට විදුලිබලාගාරයක් ඉදිකිරීම සදහා කැබිනට් මණ්ඩලය විසින් අවසර ලබාදීම නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් බවත් ,
මෙම ටෙන්ඩරය වහාම අත්හිටුවා කඩිනම් ක්‍රමවේදයක් හරහා මෙගාවොට් 600ක බලාගාරයක් ඉදිකිරීම සදහා නව ටෙන්ඩරයක් කැඳවිය යුතු බවත් අමාත්‍යවරයා සිය නිර්දේශ තුලින් කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ.

අනිත් අයටත් බලන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top