“Leak“ Music Video එකේ YouTube තහනම ඉවතට !!!
සභාපති කීර්ති පස්කුවල් මහතා YouTube එකට කතා කරලා තහනම ඉවත් කරන ලදී 🙏
ඔබතුමාට සහ ලංකාවේ අනිත් ගායක ගායිකාවන් මේ YouTube තහනම ඉවත්කර දුන්නාට ස්තූතියි…
කීර්ති පස්කුවල් මහතාට Fill T සහ Hasini Samuel ගෙන් හිස නමා ආචාරය 🙏
Music Video එක Report වුනා කියලා සතුටු වුන අය පහත Mention කරලා පාවා දෙන්න 😂
මෙවැනි ප්රකාශයක් කරමින් පල කර ඇති දේ සාවද්ය කරුණක් බව කීර්ති පැස්කුවෙල් මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සෙ පල කර තිබුනා මේ වගේ පහත් නිර්මාන කරුවන් කලා ක්ෂේත්රයට පිලිලයකි.කීර්ති පැස්කුවෙල් වැනි කලාකරුවන්ට මෙවැනි අපහාස සිදු කිරීම කෙතරම් නම් සදාචාර සම්පන්නද ?

පහත සඳහන් කර ඇති ප්රකාශය අමූලික බොරැවක් බවත් එය මා විසින් තරයේ ප්රතික්ෂේප කරන බවත් මා එසේ නොකල බවත් මගේ බුද්ධිමත් හිතවතුන්ට දන්වා සිටිමි.
තවද…
සාවද්ය කරුණක් අරභයා කීර්ති පැස්කුවල් නම භාවිතා කරමින් මෙවැනි හැඳින්වීමක් සමග තම වීඩියෝවේ ලින්ක් එක ෂෙයාර් කිරීම හරහා මොවුන් බලාපොරොත්තු වන්නේ වීඩියෝව කෙරෙහි යළි අවධානයක් ලබා ගැනීම විනා අන් කිසිවක් නොවේ. වීඩියෝවේ වීව්ස් තර කර ගනු පිණිස ඕනෑම පහත් තත්ත්වයකට වැටෙන්නට ඔවුන් සූදානම් බව අලුතෙන් පැහැදිලි කිරීමට උවමනා නැත.
ස්තූතියි.
අනිත් අයටත් කියවන්න share කරන්න