News

ගින්නට මැදිවූ දරු පවුල බේරාගත් වීර පියා කියූ කතාව

මහනුවර නගරයේ සිව්මහල් ගොඩනැගිල්ලක ඊයේ (08) ඇතිවූ ගින්නකින් බේරීම සඳහා සිය පවුලේ සාමජිකයින් ගින්නෙන් බේරා ගැනීම සඳහා පියා දරුවන් තිදෙනා සහ බිරිඳ ගොඩනැගිල්ලේ තෙවැනි මහලේ ජනේලයකින් බිමට දමා අනතුරුව ඔහු ද ගොඩනැගිල්ලෙන් පිටතට පැන දිවි රැක ගත්තේය.

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A

මෙය සිදුවූයේ ඊයේ (08) පෙරවරු හතට පමණ මහනුවර යටිනුවර වීදියේ පිහිටි ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ගිනි ගැනීමට ලක්වූ අවස්ථාවේය.

මේ එම අවස්ථාවේ වීඩියෝවකි

බණ්ඩාරවෙල පදිංචිකරුවකු වන රාමන් රාජ් එහි නවාතැන් ගෙන සිටින රත්තරන් කර්මාන්තයේ නියුතු සේවකයෙකි.දරුවන් සහ බිරිඳ බිමට දැමීමට පෙර පෙර ඇද ඇතිරිල්ලක් හා මෙට්ටයක් ඔහු විසින් බිමට දමා ඇති අතර ප්‍රදේශවාසීන් විසින් බිමට පතිත වන දරුවන් ඇද ඇතිරිල්ලට යොමු කර ගැනීමට කටයුතු කර ඇත්තේ ඔවුන්ට කිසිදු ජීවිත අනතුරක් නොවන පරිද්දෙනි.

පහත මහලෙහි ඇතිවූ ශබ්දයක් නිරීක්ෂණය කිරීම සඳහා ගිය අවස්ථාවේදී ගොඩනැගිල්ල ගිනි ගන්නා බව දුටු බවත් සිය පවුල ගින්නෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කළ යුතු වෙනත් දෙයක් නොවූ නිසා තමන් දරුවන් තිදෙනා මෙලෙස පහතට දැමූ බව ඔහු සඳහන් කළේය.

“ගින්න වේගයෙන් ආවා. කරන්න දෙයක් නැති නිසා මට සිදුවුණේ ඔවුන් පහතට දමන්නයි. පොඩි පුතා කිව්වා තාත්තා දාන්න එපා කියලා. එත් පිච්චිලා මැරණෙවාට වඩා කොහොම හරි ජීවිතය බේරා ගන්න ඕනි නිසයි මෙහෙම කළේ.

මගේ දරුවන් තිදෙනාගේ වයස අවුරුදු 8, අවුරුදු 6 හා අවුරුදු 3 ½ක් වෙනවා. මම පහතට ඇද ඇතිරිල්ලක් විසි කළා. ප්‍රදේශවාසීන් එය අල්ලා ගෙන දරුවන් ලබා දැනීමට සුදානම් වුණා. පසුව මම මෙට්ටයක් විසි කළා. නමුත් එය හරියට පහතට වැටුණේ නැහැ.

පුතාලා තිදෙනාව මම පහතට දැම්මා. ජාති භේදයෙන් තොරව රැස්වූ අය දරුවන් බේරා ගත්තා. බිරිද පනින්න සුදානම් වෙද්දි මම කිව්වා ටිකක් පහතට යමු කියලා. මම වීදුරුවක් කඩාලා පහත මාලයට ආවා. බිරිද යකඩ බටයක එල්ලී ආවා. ඇය බර වැඩි නිසා මගේ අත වීදුරුවලට කැපෙන්න ගත්තා. මට ඇය රදවා ගැනීමට හැකි වුණේ නැහැ. බිරිද බිමට වැටුණා. නමුත් රැස්වූ පිරිස ද ඇයට අනතුරක් නොවන ලෙස අල්ලා ගත්තා.

මට තුවාල නිසා ඉන්න අමාරු වුණා. කලන්තය වගේ දැනුනා. මම ආධාරක වලින් පැමිණ පහළට පැන්නා. අපි සියල්ලට සුලු තුවාල තිබුණා. අපිට මහනුවර මහ රෝහලට රැගෙන ආවා. අපිට බේරාගත්තු ජනතාවට, පොලීසියට, ගිනි නිවන ඒකකයේ කාර්යය මණ්ඩලය ඇතුලු සියලු දෙනාට ස්තූති වන්ත වෙනවා.”

මෙම ගොඩනැගිල්ල ව්‍යාපාර කිහිපයකින් යුක්ත සාප්පු සංකීර්ණයක් වන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය පිළිබදව මහනුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටාගැනීම – ලක්බිම පුවත්පතෙන්

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top