News

ජලයටත් මිල සූත්‍රයක් එයි

මිල සූත‍්‍රයට මුවාවී තෙල් මිල වැඩි කරන්නට සැරසෙන ආණ්ඩුව ඉදිරියේ දී විදුලි බිලටත්, ජල බිලටත් සූත‍්‍රයක් ගෙන ඒමට කටයුතු යොදමින් සිටින බවට විශ්වාසදායක ආරංචි වලින් වාර්තා වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා අද (9) ප‍්‍රකාශ කළේය.

Related image

සෑම මසකම දහවැනිදා පටි තද කරගන්නට ජනතාවට සිදුවන කාලය පැමිණ ඇති බවත් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉතා පහත වැටී තිබු අවස්ථාවක පවා ආණ්ඩුව තෙල් මිල ඉහළ නංවමින් සිටි බවත් පැවසූ පතිරණ මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ වහාම එම සහනය ජනතාවට ලබා දී තෙල් මිල පහත හෙලූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

තෙල් මිල අඩුවීමත් සමඟ භාණ්ඩ බොහොමයක මිල අඩුවන්නේ යැයි ද එයින් ජනතාව තුළ නව ප‍්‍රබෝධයක් ඇති වන්නේ යැයි ද කී මන්ත‍්‍රීවරයා මේ වනවිට සිදුවෙමින් පවතින්නේ සමස්ත රටේ ජනතාවම කබලෙන් ලිපට වැටීම යැයි ද කීය.

හැමදාම ජනතාවට නත්තල් ඇති කරන්නේ යැයි කී ආණ්ඩුවක් ජනතාව පීඩාවට පත් කරන අන්දම කණගාටුදායක යැයි ද වෛද්‍ය පතිරණ තව දුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරයාට 2020 වනතුරු බලයේ සිටින්නට අවස්ථාව ඇති බවත් මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය නොලැබෙන්නේ නම් නීත්‍යානුකූලව හිමි පළාත් සභා මැතිවරණය හෝ වහා ලබා දෙන මෙන් ජනතාව ඉල්ලා සිටින බව කී පතිරණ මහතා ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයකට කැමති නැති බව පෙනී යන්නේ යැයි ද සඳහන් කළේය.

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top