මහනුවර යටිනුවර වීදියේ වෙළෙඳ සංකීර්ණයක හට ගත් ගින්නෙන් සුළු තුවාල ලබා රෝහල් ගත කර සිටි එකම පවුලේ කුඩා ළමුන් තිදෙනා අද(09) මහනුවර මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.

මහනුවර යටිනුවර වීදියේ වෙළෙඳ සංකීර්ණයක ඊයේ (08) පෙරවරුවේ ගින්නක් හට ගත්තේය.
ගින්න හටගත් අවස්ථාවේදීත් එහි පස්වන මහලේ පවුලක් පදිංචිව සිටියත් ඔවුන්ගේ ජීවිතවලට කිසිඳු හානියක් සිදුවූයේ නැහැ.
ඒ, දරුවන්ගේ පියා එම අවස්ථාවේදී ස්ථානෝචිතව ගත් පියවර හේතුවෙනි.
තම දරුවන් සහ බිරිඳගේ ජීවිත බේරාගැනීමේ අරමුණින් ඔවුන් මහල් පහක ගොඩනැඟිල්ලකින් පහලට විසි කරන මෙම දර්ශනය අද දකින්නට ලැබුණේ මහනුවර යටිනුවර වීදීයේ වෙළෙඳ සංකීර්ණයකින්.
ඊයේ(08) පෙරවරු 7ට පමණ වෙළෙඳ සංකීර්ණයේ තුන්වන මහලේ මෙම ගින්න ගෙන තිබුණි.
මහල් පහකින් යුත් මෙම ගොඩනැඟිල්ලේ වෙළෙඳසැල් හා ගබඩා කාමර පවත්වාගෙන ගොස් ඇති අතර එහි පස්වන මහලේ කාමරයක දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලක් තාවකාලිකව පදිංචිව සිටියේය.
ගින්න පැතිරයාමත් සමඟ සිය දරුවන්ගේ සහ බිරිඳගේ ජීවිත බේරා ගැනීම සඳහා දරුවන්ගේ පියා වන රාමනාදන් රාමරාජ් තීරණය කළේ ඔවුන් ජනේලයෙන් එළියට මෙලෙස විසි කිරීමටයි.
කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වූ මහනුවර පොලිසිය,මහනුවර මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය,යුද හමුදාව සමඟ එක්වූ ජනතාව ගින්න මැඩ පැවැත්වීමට යුහුසුළුව කටයුතු කළේය.
දිවි බේරා ගැනිමට ගත් උත්සාහයේදී සුළු තුවාල ලැබූ ගොඩනැගිල්ලේ පදිංචිව සිටි පවුලේ පියා,මව සමඟ සත් හැවිරිදි සය හැවිරිදි සහ තුන් හැවිරිදි දරු තිදෙනා මේ වන විටත් මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
තමන් මුහුණ දුන් අත්දැකීම පිළිබඳ ඔවුන් විස්තර කර සිටියේය.
පිය සෙනෙහසින් දිවි බේරුණු දරුවෝ
පිය සෙනෙහසින් දිවි බේරුණු දරුවෝ#lka #HiruNews #HiruFM #HiruTv #ShaaFM #Likepage
Posted by Hiru News on Wednesday, January 9, 2019
කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
අනිත් අයටත් බලන්න share කරන්න