අද දින පාර්ලිමේන්තුව කැදවා තිබුණු අතර නමුත් ඇති වූ කලහකාරී තත්වය නිසා එය 21 වෙනිදා දක්වා කල් තැබීමට කතානායක වරයා තීරණය කලේය
පාර්ලිමේන්තු සභාගැබේදී තමාට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල වූ බව හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියයි.
රට ගිනි නොතියා බහුතරයට ඉඩ දෙන්නැයි ජනාධිපතිට බල කරන ලෙස ද ඔහු කීවේය.
මන්ත්‍රීවරයෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ඇස්වලට මිරිස්කුඩු සහිත වතුර ප්‍රහාරයක් එල්ල කළ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ මන්ත්‍රිවරුන් තමන් මිරිස්කුඩුවලින් පහර දුන් බව ජවිපේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පවසයි.
113 නැතිව බලෙන් ආණ්ඩුවේ ඉන්නේ ඇයිද යන්න ප්‍රශ්න සහගත යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ සභා ගැබේ සිට පිටව යමිනි.

‘‘ අපිට 113 නැතිනම් අපි යන්න ඕනා. අපිට ආණ්ඩු පක්ෂයත් පුරුදයි, විපක්ෂයත් පුරුදයි. අපිට 113 නැතිනම් ඇයි බලහත්කාරයෙන් ඉන්නේ. අද ජ්‍යෙෂ්ඨයෝ කියන දේවල් පිළිගන්නේ නෑ. මං දැක්කා උඩ ඉන්නවා තානාපතිවරුත්. මේවා ඔක්කොම පිටරරට යනවා.
අපේ රටට අත්වෙන ඉරණම මොකක්ද? පාර්ලිමේන්තුවේ වාඩිවුණාට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා නම් එය කියලා විසඳගන්න පුලුවන්. අපි කිව්වට අහන්නෙත් නෑ. අපිට කියන්න කිට්ටුවටවත් යන්න බෑ. මෙය මහින්ද රාජපක්ෂ වගේ කෘතහස්ථ දේශපාලකයෙක් අනුමත කරයි කියලා මං හිතන්නේ නෑ. මේ ගෝලබාලයන්ගේ වැඩ එතුමන්ටත් හොඳ නෑ. ‘‘





අනිත් අයටත් බලන්න SHARE කරන්න