News

කොන්දේසි සහිතව රනිල්ව අගමැති කරන්න ජනපති සූදානම්

රටේ දේශපාලනය උඩු යටිකුරු වී අවුල් ජාලයක් බවට මේ වන විට පත් වී තිබෙනවා

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැතිධුරයේ පිහිටවීමට නම් මන්ත්‍රීවරුන් 113කගේ දිවුරුම් ප්‍රකාශ ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා ඇතැයි වාර්තා වෙයි. එසේ නොමැති නම් අගමැතිධුරයට එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයෙක් නම් කරන ලෙසත් ජනපතිවරයා පවසා ඇතැයිද වාර්තා වෙයි.

මේ අතර කොළඹ පැවැති එක්සත් ජාතික පක්ෂ විරෝධතා රැළිය ඇමතූ හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේ ජනපතිවරයාට දිවුරුම් ප්‍රකාශ ලබාදීමට කටයුතු කරන බවයි.

මන්ත්‍රීවරුන් කතානායකවරයාට ලබා දුන් අත්සන් ලේඛනයේ ප්‍රශ්න ඇතැයි ජනාධිපතිවරයා කියා තිබූ නිසා බහුතරය පෙන්වීමට මන්ත්‍රීවරුන් 122නාම පැමිණ ජනාධිපති හමුවීමට අවස්ථාව ඉල්ලා සිටි බවත්, පක්ෂ නායකයන් පමණක් පැමිණීම ප්‍රමාණවත් බව ජනපති පැවසූ බවත් රණවක මහතා කීවේය.

Image result for mahinda rajapaksa

Image result for ranil wickramasinghe

Image result for maithripala sirisena

 

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top