News

ඇමතිවරු ඉල්ලා අස්වෙයි ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ කථානායකවරයාට භාර දෙනු ලැබුවා.

කෙසේ වෙතත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව ප්‍රකාශ කරමින් හෙට උදෑසන 10 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව කතානායක කරූ ජයසුරිය මහතා දැනුම් දුන්නේය.

‘දැනට ඇති පාර්ලිමේන්තුවට බහුතරය නැති බව පෙනී යන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා එහිදී ප්‍රකාශ කිරීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුව හෙට උදේ 10 දක්වා කල් තැබිණි.

පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර අමාත්‍ය ඒ එච් එම් ෆවුසි , පියසේන ගමගේ සහ මනූෂ නානායක්කාර මහත්වරු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්හ.

මේ අතර වසන්ත සේනානායක තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මේ මොහෙතේ තීරණය කර ඇත.ඔහු පැවසුවේ ජනපති මේ මොහෙතේ හමු වී ඉල්ලා අස්වීම බාර දෙන බවයි

සජිත් ප්‍රේමදාස මහතා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කලේ ජනාධිපති තුමා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යලි අගමැති ලෙස පත්කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි

 

Image result for WASANTHA SENANAYAKE

අනිත් අයටත් බලන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top