News

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ජාතිය අමතමින් කල විශේෂ ප්‍රකාශය මෙන්න – වීඩියෝ

බල අරගලය උච්චතම මොහොතට එලබ ඇති මේ මොහොතේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කල විශේෂ ප්‍රකාශය මෙන්න

පටු දේශපාලන තර්කවලින් ඉවත්ව ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා සියලු දෙනාට එක්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියි.

Image result for ranil wickramasinghe

මීට සුළු වේලාවකට පෙර අරලියගහ මන්දිරයේ දී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

මානව හිමිකම් ආරක්ෂා කරමින් යහපාලන ආණ්ඩුව යටතේ ජනතාවට සහන රැසක් ලබා දුන් බවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදු කළ බවත් හිටපු අගමැතිවරයා කියා සිටියේය.

ඊයේ(28) සවස ජනාධිපතිවරයා ජාතිය අමතමින් තමාටත් කැබිනට් මණ්ඩලයටත් චෝදනා කර සිටි බවත් පැවසු හිටපු අගමැතිවරයා, 19 වන ව්‍යවස්ථා අනුව රටේ විධායක බලතල සීමා වී ඇති බව ද පැවසීය.

අගමැතිවරයෙක් තෝරා ගැනීම සඳහා 42(4) උපවගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත හැකි මන්ත්‍රීවරයා පත්වන බවත් පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා, එයට පටහැනිව මෙම පත් කිරීම සිදු කර ඇති බව ද කියා සිටියේය.

ජනාධිපතිවරයා කුඩා ළමයෙක් මෙන් විශ්වාස කල නොහැකි කථා සිදු කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙවැනි නීති විරෝධි, අවස්ථාවාදී වැඩපිළිවෙලක් දැක ගත නොහැකි වු බවත් පැවසු එතුමා රාජ්‍ය මාධ්‍ය ආයතනවලට සිදුවු දෙයින් මාධ්‍ය නිදහස පිළිබඳව සිතා ගත හැකි බව ද කියා සිටියේය.

මෙම උද්ගත වී ඇති තත්ත්වයට විසඳුම ඇත්තේ පාර්ලිමේන්තුව තුළ බවත්, එනිසා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් පැවසු හිටපු අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථා විරෝධි, ඒකාධිපති පාලනයක් සඳහා කිසිවිටෙකත් ඉඩ නොදෙන බවද පැවසීය.

වීඩියෝව මෙතනින් බලන්න

යාළුවන්ටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top