වර්තමාන දේශපාලනයේ බොහෝ දේ සිදුවෙමින් තිබේ
ජනාධිපති විශේෂ විමර්ෂණ අංශය විසින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශට මුද‍්‍රා තබා තිබේ.

සිදුව ඇතැයි කියන මහා පාරිමාන වංචා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සදහා මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇතැයිද සදහන්ය.
නීති විරෝධී ටෙන්ඩර් ගණුදෙනු සම්බන්ධයෙන් වන ලිපිගොනු අස්ථානගත කිරීමට සූදානම් වු අවස්ථාවකදී මෙසේ මුද‍්‍රා තැබීමක් සිදු කර ඇත.
දැනටමත් රාජ්‍ය ඖෂධ සංස්ථා සභාපති රූමි මොහොමඩ් හා කලමණාකාරවරයාගේ කාර්යාලවලටද මුද‍්‍රා තබා ඇත.
තහවරු නොකාල ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ ඩොලර් බිලියනයක එනම් රුපියල් කෝටි 17,000ක පමණ වංචාවක් මෙම අමාත්‍යාංශයේ සිදුව ඇති බවයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් මහින්ද රාජපක්ෂ මහතාත් එක්වන පළමු රාජ්‍ය උත්සවය අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
ඒ 2018 ජාතික වප් මගුල් උත්සවය තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේදී පැවැත්වීමට නියමිත හෙයිනි. මෙම උත්සවය අද පෙරවරුවේදී පැවැත්විමට නියමිතය.

මහ කන්නයේ කුඹුරු අස්වැද්දීම නිල වශයෙන් ආරම්භ කිරීම චාරිත්‍රානූකූලව රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රීයෙන් සිදුකරයි.
අගමැති මහින්ද අද වැඩ බාරගනියි..!
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීම අද(29) සිදුවීමට නියමිතයි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම වැඩ බාරගැනිම සිදු වනු ඇති බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසීය.
නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම්දීමට නියමිත බව ද උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
යාළුවන්ටත් බලන්න SHARE කරන්න