News

ඉන්ධන බෙදා හැරීම නවතියි

දේශපාලනයේ අස්තාවරත්වයත් සමග විවිධ දේ සිදුවෙමින් තිබේ

මේ වන විට දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම් කටයුතු නවතා දමා ඇති බව ශ්‍රී ලංකා ඛණිජ තෙල් ශාඛාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උප සභාපති කේ ජී එස් ප්‍රේමන්ත ගමගේ පවසනවා.

Image result for petrol

ඊයේ (28) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් සිය සේවකයෙකු මියයාමේ සිද්ධියට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ති‍්‍ර අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් ශාඛාවේ ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් ඇතැම් ඉන්ධන හල්වල මේ වන විටත් ඉන්ධන පෝලිම් දැක ගත හැකි වනවා.

වර්ජනය හේතුවෙන් ඛණිජ තෙල් සියලූම කාර්යයන්වලින් සිය සේවකයින් ඉවත් වී ඇති බවත් සපුගස්කන්ද තෙල් පිරිපහදු කටයුතු පමණක් සිදුවෙන බවත් සඳහන් කළා. ඉදිරියේදී සිය ඉල්ලීම් කෙරෙහි බලධාරීන් ප්‍රතිචාර නොදැක්වුවහොත් එම කටයුතුවලින්ද ඉවත්වීමට සූදානම් බවත් සඳහන් කරනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී දිවයින පුරා ඉන්ධන හල්වල ඉන්ධන හිඟයක් ඇති වීමක් සිදුවිය හැකි බවත් දැනට ඉන්ධන හල්වල ගබඩා කර ඇති ඉන්ධන පමණක් ජනතාවට නිකුත් කෙරෙන බවත් පෙන්වා දුන්නා.

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top