මීට සුළු මොහොතකට සිදු වූ දෙය
දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය අසලදී වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ජාතික රෝහලට ඇතුලත් කර තිබෙන බව වාර්තා වනවා.

හිටපු ඇමති අර්ජුන රණතුංග සමග පැමිනි පිරිසක් විසින් සිදු කර ඇති වෙඩි තැබීමක් හේතුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ උණුසුම් තත්වයක් ඇතිව තිබේ.
සේවයකන් පවසන්නේ හිටපු ඇමතිවරයා ලිපිලේඛණ හා මුදල් තොගයක් රැගෙන යාමට උත්සාහ කල බවත් ඊට සේවකයන් විරෝධය දැක්වී විට වෙඩි තැබීම සිදු කර ඇති බවත්ය.
වෙඩි වැදුනු සේවකයන් දෙදෙනෙකුට බරපතල තත්වයෙන් රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙයි.
සිදුවීමට සම්බන්ධ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වෙන අතර වීඩියෝ දර්ශනවල සිටින පුද්ගලයන් පවසන පරිදි ඛණිජ තෙල් අමාත්‍යංශය ඇතුලට පැමිණි මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂාව භාරව සිටින ඇමති ආරක්ෂය අංශය මගින් සේවකයන්ට වෙඩි තැබූ බවයි.
මෙහෙදී ඉතා උණුසුම් වාතාවරණයක් ඇතිවන අතර ඒ සමග වෙඩි ශබ්ද කිහිපයක්ද ඇසෙන අතර සේවකයන් කලබලයෙන් වෙඩි තියනවා යනුවෙන් කෑ ගසමින් ඒ මේ අත දිව යන දර්ශනද පැහැදිලිව දක්නට ලැබේ.
එම වීඩියෝව පහතින් බලන්න.
Posted by කෝසල ධනුක බණ්ඩාරනායක on Sunday, October 28, 2018
අර්ජුන රණතුංගගේ මාධ්‍ය ආරක්ෂකයා ඛණිජ තෙල් සේවකයින්ට වෙඩි තබයි…
Posted by Abeetha Edirisinghe on Sunday, October 28, 2018
යාළුවන්ටත් බලන්න SHARE කරන්න