‘රාමු කළ සහ නොකළ’ යනුවෙන් නම් කළ ප්‍රදර්ශනයක් පලස්තීන විශ්වවිද්‍යාලවල 2011 වසරේ සිට ප්‍රදර්ශනය වේ. එයින් කියැවෙන්නේ පලස්තීන කාන්තාවන්ගේ සංකීර්ණ කඳුළු කතාවයි. එය නරඹන සියලු දෙනාගේම නෙත් සිත් පැහැරගන්නා ඊඩඥ ධ්ජධද (සංකේතය) යනුවෙන් නම් කළ විශාල ප්‍රමාණයේ සිතුවමක් වේ. වර්ග දාහතරකින් යුතු ඹ්ඪනඵබඪඬ (තොල් ආලේපන) ටියුබ් තුන්දහස් පන්සියයක් පමණ භාවිතයෙන් මෙය නිමවා තිබේ.

එහි දිස්වන්නේ කුමක්ද?
අරාබි පිරිමි පලඳින රතු සුදු කොටු සහිත ලේන්සුවකින් හිස ආවරණය කර ගත්, රයිෆලයක් අතින් ගෙන සිටින රූමත් තරුණ කාන්තාවකි.
ඇය කවුද? ඒ වෙන කිසිවකුත් නොව පලස්තීන විමුක්ති සටනේ කාන්තා දායකත්වයේ සංකේතය වන ලයිලා කාලිඩ්ය. ලෝකයේ ගුවන් යානා පැහැර ගැනීමක් කළ ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාස ගතවූ ලයිලා කාලිඩ් ඉපදුණේ 1944 අප්‍රේල් 9 වැනි දින බි්‍රතාන්‍යයන් විසින් පලස්තීනය සඳහා වෙන් කරන ලද ර්චදඤචබධපර ර්ථීචතඥඵබඪදඥ හි හයිපාවලදීය.
1948දී ඇතිවූ යුද වාතාවරණය යටතේ යුද බිමේ සිටි තම පියාගෙන් වෙන්ව, සිවු හැවිරිදි වියේ සිටි කුඩා ලයිලාට මව සමඟ සරණාගතයන් ලෙස ලෙබනනයට පලා යෑමට සිදුවිණි. ලෙබනනයේ හැදී වැඩෙන ඇය ඇගේ සහෝදරයා අනුව යමින් පලස්තීන ජාතික සංවිධානයේ ශාඛාවක් වූ ‘පලස්තීන නිදහස් පෙරමුණට’ සම්බන්ධ වන්නේ වයස අවුරුදු පහළොවේදීය.
ඒ ජෝර්දානයේ කළු සැප්තැම්බර් ක්‍රියාකාරීත්වය පැවතුණු සමයයි. 1969 අගෝස්තු 29 දිනයයි. රෝමය, ලියනාඩෝ ඩා වින්සි ගුවන්තොටුපොළේ සිට ඊශ්‍රායලයේ ඊඥත ඒමඪම ගුවන්තොටුපොළ බලා ගුවන් ගමනට සූදානමින් සිටි ඊඑඒ ජ්තඪඨඩබ 840 ගුවන් යානය පැහැර ගැනීමට ර්ථීධනභතචප ජ්පධදබ ටධප බඩඥ ඹ්ඪඡඥපචබඪධද ධට ර්ථීචතඥඵබඪදඥ නම් වූ පලස්තීන විමුක්ති සංවිධානයේ සාමාජිකයන්ද සමඟ ලයිලා කාලිඩ් විධිවිධාන යොදා ගෙන තිබුණේ එහි ඇමෙරිකාවේ ඊශ්‍රායල් තනාපතිද ගමන් කරනු ලබන බවට ලැබුණු ආරංචියකිනි. එහෙත් එදින ඔහු නොසිටියේය.
ආයුධ ඉදිරියේ අසරණ වූ ගුවන් නියමුවන්ට විමුක්තිකාමීන්ගේ අණදීමට අනුව, සිරියන් අරාබි රාජ්‍යයේ ඩමස්කස්වලට ගුවන් යානය හැරවීමට සිදුවිය. ලයිලා ඇයට තම උපන් ස්ථානය දැක බලා ගැනීමට හැකිවන පරිදි ගුවන් යානය හයිපා ප්‍රදේශය උඩින් ගමන් කරවන ලෙස ගුවන් නියමුවාට අණ කළ බවද පැවැසේ.
ඩැමස්කස්හිදී මගීන් සියල්ල ඉවත් කළ පසු කොල්ලකරුවෝ එහි ඉදිරි පස පුපුරවා හැරියෝය. කිසිවකුටත් තුවාල නොවිණි. ඒම් 47 රයිෆලයක්ද අතින් ගෙන ඇය සිටින විලාසය ඡායාරූප ගත කරගෙන තිබුණු අතර, එය ලොව පුරා මාධ්‍යයට රස බොජුනක් වී තිබිණි. අත්අඩංගුවට ගන්නා ලද ලයිලා විමුක්ති සංවිධානය විසින් තබාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් සමූහයක් නිදහස් කිරීමෙන් අනතුරුව තම නිදහස ලබා ගත්තාය.
‘මා යනු දැඩි පීඩාකාරී මර්දනය විසින් ජීවමාන කළ චරිතයක්. බ්ලැන්කෙට්ටුවත් ආහාර සලාකයකුත් පමණක් හිමි කරගෙන සරණාගතයන් ලෙස තම උපන් බිමෙන් පිටුවහල් කළ අයකු ලෙස සිටිනවාද නැතිනම් සියලු දෙනා වෙනුවෙන් නැඟී සිට සටන් කරනවාද යන්න අප ඉදිරියේ තිබුණු තෝරා ගැනීම. මම අපේ මව්බිම වෙනුවෙන් සියලු පලස්තීන ජාතිකයන් වෙනුවෙන් සටන තෝරා ගත්තා.’ මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ අද පරිණත වියේ සිටින ලයිලා කාලිඩ් පැවැසුවාය.
ඇය නිතර විප්ලවවාදියකු වූ ‘චේ ගුවේරා’ගේ සටන් පාඨ තම සාකච්ඡාවලදී ගෙනහැර දක්වයි. අහිංසාවාදයේ පියා ලෙස සැලකෙන ‘මහත්මා ගාන්ධි’ පවා බියගුලු කමත් සටන්කාමීත්වයත් අතරින් එකක් තෝරා ගත යුතු නම් අප තෝරා ගත යුත්තේ සටන්කාමීත්වය බව පවසා ඇති බව පවසන්නේ අසාධාරණය ඉදිරියේ නැඟී සිටින ඇගේ ශක්තිය තවමත් නොසිඳී ඇති බව පෙන්වමිනි.
‘අඩ සියවසකට ආසන්න කාලයක් ගතව තිබෙනවා. ගුවන් යානා පැහැර ගැනීම ඔබ අදත් අනුමත කරනවාද?’ මෙය මාධ්‍යවේදීන් නිතර ඇගෙන් අසන ප්‍රශ්නයකි.
‘ගුවන් යානා පැහැර ගැනීම හොඳ දෙයක් නොවන බව කවුරුත් දන්නවා. ඒත් අප ඉතිහාසයත් සමඟ සම්බන්ධ කර කල්පනා කළ යුතුයි. එදා කාලයත්, සිදුව තිබූ සිදුවීමුත් සලකා බලන විට අප ඉදිරියේ තිබූ මානුෂික ගැටලුවට එය සිදුකිරීම අනිවාර්ය වී තිබුණා. පලස්තීන සරණාගතයන්ගේ ප්‍රශ්නය වහා විසඳිය යුතු බවට අන්තර්ජාතික අවධානය යොමු කරවිය යුතුව තිබුණා. පලස්තීන ජාතිකයන් කියන්නේ කවුද? අද දශ ලක්‍ෂ හයකටත් වැඩි ජනතාවක්.
එදා 1948 පලා ගිය අයගෙන් පැවත එන විශාල ජනතාවක් ඉන්නවා. මම එදා අප ඒ ගෙන ගිය සටන අත්‍යවශ්‍යව තිබූ එකක් බව මා අදත් පවසනවා. මම ආයුධ ගෙන සිටියත්, අත් බෝම්බ සිරුරේ සඟවාගෙන සිටියත් ඒවා පාවිච්චි කළේ නැහැ. කිසිවකුටත් අනතුරක් නොකිරීම අපේ ප්‍රතිපත්තිය වුණා.
නිර්ආගමික කාන්තාවක් වන ලයිලා පවසන්නේ මෙහිදී ආගම මුල්කර නොගත යුතු බවයි. ‘අපේ ජනතාවට ජීවත්වීමට භුමියක් අවශ්‍යයි. ඒ නිසා මෙය සම්පූර්ණයෙන්ම දේශපාලනික ප්‍රශ්නයක්.’ ලයිලාගේ අදහසයි.
කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන ජ්චරඥල අචඵඩඪඤ ඩ්ඪතචත සමඟ විවාහ වී දැනට ජෝර්දානයේ පදිංචිව සිටින ලයිලා පුතුන් දෙදෙනකුගේ මවකි. පලස්තීන සිනමාවේදිනියක වන ඹ්ඪදච ර්චඬඡධභත විසින් ඹ්ඥඪතච ම්ඩචතඥඤ, ඩ්ඪණචජඬඥප නමින් ඇගේ ගුවන් යානා පැහැර ගැනීම නිරූපණය කර නිමවූ සිනමා පටය ජාත්‍යන්තර සම්මාන රාශියකින් පිදුම් ලබා ඇත.
ලයිලා කාලිඩ් වැනි විමුක්තිකාමීන් විසින් දශක ගණනාවක් ගෙන ගිය සටනේ ප්‍රතිඵලයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ‘භාවිතයේ පවතින පලස්තීන සීමාව’ (ර්ථීචතඥඵබඪදඪචද ඊඥපපඪබධපර, ර්ණීජජභනඪඥඤ) ලෙස බටහිර ඉවුරත්, නැඟෙනහිර ජෙරුසලමත්, ගාසා තීරයත් නම් කර ඇත. එම සංවිධානයේ රටවල් 135ක් පමණ දැනට එම සීමාවලින් සමන්විත ‘පලස්තීනය’ වෙනම රාජ්‍යයක් ලෙස පිළිගෙන ඇත. එහෙත් නිරන්තර දේශ සීමා අරගලයන්ගෙන් බැට කමින් අදටත් පලස්තීන ජාතිකයෝ තමන්ගේ මව්බිම වෙනුවෙන් සටන්වදිමින් සිටිති.
යාළුවන්ටත් කියවන්න SHARE කරන්න