News

සුද්දාවත් අත නොතැබූ නකල්ස් රක්ෂිතය ඉවරයි

එදා ඉංග්‍රීසි ජාතිකයාවත් අත නොතැබු නකල් රක්ෂිත වනාන්තරයට මේ පාලකයින් අත ගහලා . මේක ඉතා සංවේදි පරිසර කලාපයක්. මේ පිළිබඳව රටේ ජනතාව දැනුවත් වෙන්න ඕනෑ‘ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ මහාචාර්ය එච්.එම්.ඩී. හේරත් මහතා පැවසීය.

මහාචාර්යවරයා එසේ සඳහන් කළේ ‘දුම්බර මහා ඉඩම් මංකොල්ලය‘ මැයෙන් මාතලේ පැවැති පරිසරවේදීන්ගේ මාධ්‍ය හමුවකදීය.

මහාචාර්යවරයා මෙසේද කීවේය.

‘ නුවරඑළිය රක්ෂිතය එදා තිබ්බේ තහංචි කැලෑ විදියට. පස්සේ මිනිසුන් පදිංචි කළා. ජනතාවගේ ජීවයේ පැවැත්ම තියෙන්නේ මේ පරිසර පද්ධතින් එක්කයි.දැන් මාතලේ ඛනිජ සම්පත් විකුණන්නත් පටන් අරන්. මේක නකල්ස් පරිසර පද්ධතිය ළඟයි තියෙන්නේ. මේ වාගේ වැඩ කරන්නේ කාගේ අනුමැතිය අරගෙනද? රටේ පාලකයෝ මේවා දන්නේ නැහැ.ඇතැම් නායකයින් දැන ගන්නේ පත්තර වලින් , මාධ්‍යයෙන් ඒ නිසයි අපි මේ ගැන මාධ්‍යට කියන්නේ.

වනාන්තර හදන්න අපේ මුතුන් මිත්තන්ගේ ඉඩම් ගත්තා ගවයින් තණ උලා කෑ හේන් අල්ලා ගත්තා. අපේ හුඟාක් ජනතාව ඉන්නේ කාණු පල්ලේ. අද යන එන මං නැති වෙලා. පසුගිය වසර තුනේදී කඳුකරයේ කුඹුක් ගස් 28,000 කට වැඩිය කපා දාලා.එක කුඹුක් ගසකින් ජල උල්පත් 52 ක් හැදෙනවා.මේ ගස් කපා කොළඹ ලොකු ලොකු මන්දිරවල බිම් හදාගන්නවා. මේවා ජනතාව දැනගන්න ඕනෑ.‘

පරිසරවේදී සජීව චාමිකර මහතා

‘රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම කළමනාකරණය කළ නකල්ස් දුම්බර අඩවියේ දැඩි ආරක්ෂිත අක්කර 21000 ක පමණ භූමි ප්‍රමාණයක් මෙලෙස ලබා දී තිබෙනවා. මොරගහකන්ද සහ කළුගඟ ජලාශවලට ජල පෝෂක ප්‍රදේශ අහහිමි වන බවයි.එය දැඩි පාරිසරික ගැටළු නිර්මාණය කරන්නක්.

ග්‍රැෆික් ශ්‍රී ලංකා පරිසර අධ්‍යන ආයතන ප්‍රධානී පරිසරවේදී ගාමිණි ජයතිස්ස මහතා

‘ආයතන කිහිපයක සහ දේශපාලන හිතවතුන්ට අක්කර සිය ගණනක් ලබා දීම සඳහා අණපනත් සුදානම් වෙමින් පවතින බවට මා වගකීමෙන් යුතුව කියනවා.

නකල්ස් අඩවියේ ආරක්ෂිත කලාප පෞද්ගලික වතු හිමිකරුවන්ට සහ ව්‍යාපාරිකයන්ට අත්පත් කර දීලා. මේ වන විට ඒවාගේ සංචාරක හෝටල් හා විවිධ ඉදිකිරීම් කරමින් පවතිනවා.

Image result for nakals

Image result for nakals

Image result for nakals

උපුටා ගැනීම ලංකාදිප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top