News

වනජීවී ඇමති සරත් ෆොන්සේකා ජනපති හමු වී සමාව ගනියි

Related image

 

තිරසර සංවර්ධන වන ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (9) දහවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සමාව ගෙන ඇතැයි වාර්තා වේ.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් පසුව ඇමැතිවරයා තවත් ඇමැතිවරුන් කිහිප දෙනකු ද සමඟ ගොස් ජනපතිවරයාගෙන් සමාව ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

සරත් ෆොන්සේකා මහතා ඉකුත් 3 වැනි දා නව අමාත්‍ය ධූරයේ වැඩ බාර ගැනීමෙන් පසුව පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කර තිබු අතර,ඔහු පසුගිය ඉරිදා පැවති එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේ දී ද අදහස් දක්වමින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර තිබිණි.

ඔහු අද දහවල් ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.

උපුටා ගැනිම ලංකාදිප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top