ක්‍රිඩා

ක්‍රිඩා අධ්‍යක්ෂ ජෙනරාල් නෙරපයි

ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට අයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වන එච්. එම්. බී. පී. හේරත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා උපදෙස් දී තිබේ.

මෙම ඉවත් කිරීමට ආසන්නතම හේතුව වුයේ වී ඇත්තේ අද (මැයි 05) ආරම්භ වීමට නියමිත දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනා සහ ක්‍රීඩා උපදේශකයින් 15 දෙනෙක් වන පිරිසට අවශ්‍ය නේවාසික පහසුකම් නිසි පරිදි සැලසීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අපොහොසත් වීමයි.

ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල අද දින (මැයි 05) සිට සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙයි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙකුගෙන් හා ක්‍රීඩා පුහුණු කරුවන් 15 දෙනෙකුගෙන් සමන්විතය.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ටොරින්ටන් හි පිහිටි ක්‍රීඩා සංවර්ධන නේවාසිකාගාරයේ මම කණ්ඩායමට නේවාසික පහසුකම් සලසා තිබිණ. එහෙත් ඊයේ (මැයි 04) උදය වර්වේ සිට නේවාසිකාගාරය තුල විදුලිය බිඳ වැටී තිබී ඇති අතර ඒ හේතුවෙන් උදය කාලයේ සිට නේවාසිකාගාරය තුල ලැගුම් ගෙන සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවී තිබිණ. ඊයේ සවස් කාලය වන විටත් මෙම තත්වය පැවතී ඇති අතර නේවාසිකාගාරයේ ජල පහසුකම් ද විදුලිය ඇන හිටීම නිසා අඩපන වී ඇත.

ඊයේ සවස 5.00 වන විටත් මම ගැටලුව විසදීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබිණ.

ක්‍රීඩා ඇමතිවරයාගේ උපදෙස් පරිදි මෙම තරගාවලියට සහභාගි වන සියලුම නේවසිකයින් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ තරු 4 හෝටලයක නවාතැන් ගැන්වීමටත් ඔවුන්ට අවශ්‍ය අහාර පාන සැපයීමටත් කටයුතු යොදා තිබේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top