News

බොන අයට බොන්න යාල වනෝද්‍යානයේ අක්කර 10 ක්

Image result for sarath fonseka
යාල වනෝද්‍යානයට පැමිෙණන අැතැම් සංචාරකයන් මත් පැන් බී කැළය දෙවනත් කරන බව වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඔහු කියා සිටියේ මේ හේතුවෙන් යාල වනෝද්‍යානය තුළට මත්පැන් රැගෙන යාම තහනම් කළ යුතු බවට තමාට හැඟී ගියහොත් තමා එය කරන බවයි.

කැළේට ගොස් මත් පැන් පානය කිරීමට අවශ්‍ය අය සඳහා වෙනම ස්ථාන සකස් කිරීමට අවධානය යොමු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා .

“කැළේට ගිහිල්ලා බොන්න ආස අය ඉන්නවනම් අපිට ඒකට වෙන තැන් හදන්න පුලුවන්. කැළේ කෑල්ලක් තෝරගෙන කොහෙහරි අක්කර 10ක් විතර හොඳට බොන්න පුලුවන් තැබෑරුම් ටිකක් ඒක ඇතුලෙම දාලා බෑන්ඩ් ගහන තැනුත් දාලා වැවේ නාන්න ඕනෙ නම් වැවකුත් හදලා ඒ වගේ තැන් වෙනම හදන්න පුලුවන්. වනජීවීන් ඉන්න තැන බොන්න ගියොත් හරියන්නෑ. ජනප්‍රිය නොවෙන්න පුලුවන් සමහර තීරණ. දුර දිග බලලා රටේ අවශ්‍යතාවය අනුව අපි තීරණ ගන්නවා.”

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top