දැනුම

හෙරෝයින් වලට ආදේශකයක් වූ ක්‍රොකඩයිල් කොයිතරම් භයානකද ?

“ක්‍රොකඩයිල්” 🐊🐊🐊 ගැන දැනගන්න…

Image may contain: one or more people

 

No automatic alt text available.

“ක්‍රොකඩයිල්” යනු මෑත කාලයේ ලෝකය පුරා සිඝ්‍රයෙන් පැතිරීගෙන යන ඉතාමත් විෂ සහිත මත්ද්‍රව්‍යයකි. හෙරොයින් වලට ආදේශකයක් ලෙස භාවිතා කළ හැකි වීම සහ මිල අඩු වීම එය ජනප්‍රිය වීමට ප්‍රබල හේතුවක් වී තිබේ. එමෙන්ම එහි තිබෙන ඇබ්බැහි වන සුළු ස්වාභාවය නිසා මේ වනවිට ලෝකය පුරා පැතිර යාමේ අවධානමක්ද ඇති වී තිබේ.

Image may contain: one or more people

සමාජවාදය බිඳවැටුනු පසු රුසියාවේ වැඩි වශයෙන් “ක්‍රොකඩයිල්” පැතිර ගිය අතර මේ වනවිට මෙක්සිකෝවද ඊට ගොදුරු වී ඇත. යුරෝපයේ සහ ඇමරිකාවේද දැන් එය ජනප්‍රිය වෙමින් පවතී.

කෝඩීන්, පෙට්රල්, තිනර්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, අයඩින් සහ රතු පොස්පරස් යොදාගෙන මෙය පහසුවෙන් නිපදවා ගත හැකි වීමද “ක්‍රොකඩයිල්” වසංගතයක් ලෙස ලොව පුරා පැතිරී යාමට එක් හේතුවක් වී තිබේ.

එහෙත් එය පානය කිරීම නිසා ශරීරයට සිදුවන හානිය කෙතරම්ද යත් භාවිතා කරන්නෙකුගේ සාමාන්‍ය ආයු කාලය වසර දෙකක් පමණ වේ. එමෙන්ම ඇතිවන සංකූලතා දැකීමට බිය උපදවන තරම් භයානක වේ.

හොරෙයින් වලට වඩා ගොඩක් මිලෙන් අඩුයි මේක. 1g ලංකාවේ මුදලින් රුපියල් 1000 – 1500 යන ගානකට ගන්න පුලුවන්. හෙරොයින් වලට වඩා මිලෙන් ඉතා අඩුවීම නිසාත් මත්ලෝලීන් අතරේ ක්‍රොකඩිල් ජනප්‍රිය වීමට හේතුවෙලා තියනවා.

අනෙකුත් මත්ද්‍රව්‍ය දිහා බලපුවාම ක්‍රොකඩිල් ශරීරයේ බාහිර පෙනුමට කරන හානියත් ඉතාම වැඩියි. ක්‍රොකඩයිල් කියන්නේ 🐊 නේ… මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අයගේ හම කොළපාටට හැරී කිඹුලෙක්ගේ මෙන් ඇගේ ගෙඩි ගෙඩි වගේ එනවා.. අන්න ඒ හේතුවෙන් තමයි ක්‍රොකඩිල් කියන නම මේකට හැදිලා තියන්නේ…

ඒ වගේම ඇඟ මස් දියවී අස්ථි දක්වා පෑදෙන්න තරම් මේ මත්ද්‍රව්‍යය විෂයි.. ශරීරයේ සංවේදීම ස්ථාන ඒ කියන්නේ ඇස ලිංගේන්ද්‍රය කියන ඒවා දිය කරලම යවන්න පුලුවන්..
ක්‍රොකඩිල් කියන්නේ ලෝකයේ මත්ද්‍රව්‍ය අතරින් ඇබ්බැහියෙන් මිදෙන්නට අමාරුම මත්ද්‍රව්‍යය හැටියට මේක පෙන්නලා දෙන්න පුලුවන්..

මේකෙන් මිදෙන්න තරම් හරි බෙහෙතක් තාම මම දැක්කේ නෑ තියනවා ගොඩාක් ඒවට මානසික වෛද්‍ය විද්‍යාව යොදාගත්තත් මේකට ඒක සම්බන්ද කරගැනීම දුර්වලයි මොකද ඒවා අහන්න මානසිකත්වයක් නෑ.. මොකද සික් එකට එහා ගිය අමුතුම සික් එකක්..

මේක ගන් නැතිව අතඇරපුවාම මාස ගණනක් තිස්සේ දැඩි ශාරීරික සහ මානසික වේදනාවල් වලට මූණ පාන්න වෙනවා මූන දෙන්න මූනත් ඒ වෙනකොට ඉතුරුවෙන එකක් නෑ..

වැදගත්නම් ශෙයාර් පාරක් දාන්න..

Image may contain: one or more people

Image may contain: one or more people

Image may contain: one or more people

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top