දැනුම

ලංකාවේ බහුල පිලිකා වර්ග හදුනාගැනීමේ පුර්ව ලක්ෂණ ඔබ දන්නවාද ?

ලංකාවේ බහුල පිළිකා වර්ග වල ” පූර්ව ලක්ෂණ ” ඔබ දන්නවා ද? 💊

Image result for cancer

🖌 මෙහි සදහන් රෝග ලක්ෂණ” ඔයාටත් තියෙනවා ද ?

📌 සති 3ක් ඉක්මවූ කටහඬෙහි වෙනසක්.

📌මුඛයේ රතු පාට හෝ සුදු පාට ලප මතුවීමක්.

📌මුත්‍රා කිරීමේදී හෝ මළපහ කිරීමේ පුරුදු වල වෙනසක් හෝ ඒ සමග ලේ පිටවීමක්

📌ගෙල , තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීමක්.

📌කල් අල්ලා පවතින අජීර්ණ තත්ත්වයක් හෝ ගිලීමේ අපහසුතාවක්.

📌කල් පවතින සුව නොවන තුවාලයක්.

📌පියයුරුවල හෝ වෙන ස්ථානයක ඝනවීමක් හෝ ගැටයක්.

📌යෝනි මාර්ගයෙන් රුධිරය හෝ අසාමාන්‍ය ස්‍රාවයක් පිටවීම.

Ministry of Indigenous Medicine – Uva provincial Council.

01📉 පියයුරු පිළිකා රෝග ලක්ෂණ 👇

Image result for cancer

♦️පියයුරෙහි වලගැසීමක්.

♦️සමේ වෙනස් වීමක්.

♦️පියයුරුවල මෑතකදී අඇති වූ,හැඩයේ වෙනස්කමක් හෝ පැහැදිලි අසමමිතික බවක්.

♦️සමේ වෙනස්වීමක්.

♦️තනපුඩුවේ ගිලීයාමක් හෝ අසමමිතික බවක්.

♦️පියයුරුවල ගැටිත්තක් හෝ ඉදිමීමක්.

02📉 මුඛ පිළිකාව 👇

Related image

🌿 මුඛයේ පිළිකාව ක් සෑදීමට පෙර මුල් අවස්ථාවේදී ම හදුනාගත හැක.

රෝග ලක්ෂණ”

📌කල් පවතින සුව නොවන තුවාල.

📌කල් පවතින රතු ලප.

📌කල් පවතින සුදු ලප.

📌කල් පවතින රතු හා සුදු මිශ්‍ර ලප.

📌සමාන්‍ය නොවන මුඛයේ දැවිල්ලක් සමග තොල් හා ශ්ලේෂ්මලයේ ඝන වීමක් හා සුදුමැලි වීමක්.

03📉 මහාන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා රෝග ලක්ෂණ” 👇

Image result for cancer

♦️මළපහ කිරීමේ පුරුදුවල වෙනසක්.

♦️මළපහ සමග ලේ පිටවීමක්.

♦️උදර වේදනාව.

♦️පෙරට වඩා මළපහ සිහින් සිහින් ස්වභාවය ක් ගැනීම.

♦️මළපහ පිටවීමේ අසම්පූර්ණ බවක් මළපහ කිරීමෙන් පසුවද දැනීම.

♦️ගුද මාර්ගයෙන් ලේ පිටවීමක් හෝ නිතර නිතර ආතිවන මළබද්ධය හෝ පාචන ස්වභාවය ක්.

♦️ශරීරයේ බර අනපේක්ෂිත ලෙස අඩු වීම.

04📉 තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා රෝග ලක්ෂණ” 👇

📌බෙල්ලේ වේදනාවක්.

📌හුස්ම ගැනීමේ අපහසුවක්.

📌තයිරොයිඩ් ග්‍රන්ථියේ විශාලවීමක් හෝ වෙනසක්.

📌බෙල්ලේ වසා ගැටිති ඉදිමීමක්.

📌හේතුවක් නොමැතිව කටහඩේ ගොරෝසු බවක්.

📌ගිලීමේ අපහසුවක්

05📉 ගැබ්ගෙල පිළිකා රෝග ලක්ෂණ” 👇

♦️ලිංගිකව එක් වීමෙන් පසු රුධිර වහනයක්.

♦️යෝනි මාර්ගයෙන් දුර්ගන්ධකින් යුතු ස්‍රාවයක් පිටවීම.

♦️යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනයක්.

♦️මාස් ශුද්ධිය නැවතී තිබෙන කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිර ය පිටවීම.

♦️පැප් පරීක්ෂාවක් මගින් ගැබ්ගෙල වෙනස්කම් පිළිකා ව අඇතිවීමට පෙර හදුනාගත හැකිය

🌿 පිළිකාව කල්තියා හදුනාගමු ➡ පිළිකාව පරාජය කරමු ⚛

ලිපිය කියවලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා.මේක ගොඩක් වටිනා ලිපියක් නිසා.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top