gossip

හිතට දැනුන දේ comment කරගෙන යන්න

දැනුනු දේ කමෙන්ට් කරන් යන්න..

Image may contain: 1 person, sitting and indoor

සත්‍ය සිදුවීමක්….

වේලාව උදෑසන 11ට විතර ඇති….පන්ති ඇරිලා බණ්ඩාරවෙල ටවුන් එකේ බස් හෝල්ට් එකට මමයි ජෙයිසනුයි පයින්ම ආවා…ඒ වෙලාවේ බස් හෝල්ට් එකේ අපි දෙන්නයි තවත් කෙල්ලෝ දෙන්නෙකුයි විතරයි හිටියේ…එක කෙල්ලෙක්ගේ කොන්ඩේ පිට මැදට විතරයි,අනිත් කෙල්ලගේ කොන්ඩය උරහිසට විතරයි තිබුනේ…ඒ කෙල්ල පොඩ්ඩක් කලබල කෙල්ලෙක් කියලා මට හිතුණා…

ඒ වෙනකොට මගේ වයස අවුරුදු 19යි.මේ අවුරුදු 19ටම මම කවදාවත් කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියේ නෑ…අඩුම තරමේ මම කෙල්ලෙක් පස්සෙන්වත් ගිහින් තිබුනේ නෑ…මොකද මම ගොඩක් ලැජ්ජාකාරීයි,ඒ වගේම කලුයි…ඉතින් මට හිතුනා මම කලු නිසා මට කෙල්ලෝ කැමති වෙන්නේ නැතිවෙයි කියලා…

දෙවියනේ එදා උනේ මම නොහිතපු දෙයක්…ජෙයිසන් කියන්නේ මගේ පොඩිකාලේ ඉදන්ම යාලුවා…මම බුද්ධාගමේ,ඒත් ජෙයිසන් කැතලික්…කැතලික් උනත් මම එක්ක දහම් පාසල්පවා ගියා…මගේ හොඳම යාලුවා…ලස්සන කඩවසම් පෙනුමක් තියෙන කොල්ලෙක්…

ඔන්න හෝල්ට් එකේ ඉදිද්දී බණ්ඩාරවෙල,දියතලාව බස් එක ආවා…මුලින්ම අර කෙල්ලෝ දෙන්නා නැග්ගා,පස්සෙ අපි දෙන්නා නැග්ගා…කෙල්ලෝ දෙන්නා වාඩිවෙලා හිටපු තැනට පිටිපස්සෙන් අපි දෙන්නා වාඩිවුණා…ජෙයිසන් වාඩිවුණ වෙලාවේ ඉදන් එක එක දේවල් ඒ දෙන්නට ඇහෙන්න කිව්වා…ඒත් ඒක මට ලොකු ලැජ්ජාවකට හේතුවක් උනා…

මම බැන්නත් එක්ක…මොකද මම කවදාවත් එහෙම කරලා නැති නිසා…බස් එක කදු නැගලා පල්ලම් බැහැගෙන හරිම ලස්සන පරිසරය පහුකරගෙන දියතලාව නගරය දෙසට යනවා…මේ අතරේ බස් එකේ ලස්සන සිංදුවක් ඇහුනා…”ස්නේහයෙ නගරයයි සිත මගේ,,,වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ…”මම හෙමින් ඒ සිංදුව මිමිනුවා…මටත් නොදැනීම ඒ සිංදුව හයියෙන් මම කියලා…

ඉස්සරහා හිටපු කෙල්ලෝ දෙන්නා මම දිහා බලලා හිනාවුනා…මේ අතරේ ජෙයිසන් මගේ නම්බර් එකයි එයාගේ නම්බර් එකයි කොලයක ලියලා ඉස්සරහා කෙල්ලෝ දෙන්නා ලගට විසිකරනවා දැක්කා…දැන් තවත් ලැජ්ජයි…

ඔන්න බස් එක දැන් දියතලාව ටවුන් එකට ආවා…එතන තමයි අන්තිම නැවතුම…මුලු බස් එකටම මිනිස්සු 10ක්වත් නෑ…බස්එක නැවැත්තුවාම හැමෝම බැහැලා ගියා…අර කෙල්ලෝ දෙන්නත් බැහැලා අපි දෙන්න දිහා බලලා ගියා…මම ඉක්මනින් බැලුවේ අර ලියලා දාපු කොලය හොයලා විසිකරන්න…අනේ ඒක තිබුනේ නැහැ…

කාලය අපිටත් හොරෙන් ගෙවී ගියා…මේ සිද්ධිය වෙලා දවස් 3කින් මට කෝල් එකක් ආවා…”හලෝව්”හරි මිහිරි හඩක්…මගේ ඇග කූල් වෙලා ගියා…මමත් පොඩ්ඩක් posh විදියට හලොව් කිව්වා…ඒක posh වැඩිඋනාද කියන හිතුනා…මම ඇහුවා “කවුද කතාකරන්නේ” කියලා…ඊට පස්සෙ කියපු දෙයින් මම පුදුම උනා…මගෙන් ඇහුවා ‘කමල් නේද’කියලා…මට හිතාගන්න බැරිවුණා…මොකද මේ අවුරුදු 19ටම අදුරන්නේ නැති කෙල්ලෙක් කතාකල මුල්ම දවස නිසා…

කාලය ඔයවිදියට ගෙවිලා ගියා…නිතර නිතර අපි කතාකලා,හිනාඋනා…ඒ කතාකලේ එදා ජෙයිසන් නම්බර් එක දාපු කෙල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක්…නම “ජනනි”…ඇත්තටම නමින් කිව්වට මට මතක් උනේ නෑ…මොකද මූණවත් එදා මම හරියට දැක්කේ නෑ…ඔය විදියට අපි හොඳ යාළුවෝ වගේ කතාකලා…එක දවසක් මට තේරුනා අපි යාලුකමට වඩා ලොකු බැදීමකින් කතාකරනවා කියලා…ඇත්තටම එයා කතානොකලොත් මට කන්නත් බැරිවුණා…

දවසක් මගේ පන්ඩිතකමට මම කිව්වා “ජනනි,මම ඔයාගේ දිග කොන්ඩෙට ගොඩක් ආසයි “කියලා…අනේ එච්චරවෙලා හිනාවෙලා හිටිය ජනනි එකපාරටම ගොඩක් දුකින් මට කිව්වා “අනේ sorry කමල්, ඔයා හිතන කෙනා නෙමෙයි මම,මම එයාගේ යාලුවා…”කියලා…මගේ ලෝකයම කඩන්වැටුණා වගේ දැනුනා…ඇත්තටම මට කොන්ඩෙන් වැඩක් තිබුනේ නෑ…මට ඕන උනේ තවත් ලංවෙන්න…ඒත් උනේ වෙනදෙයක්…මට දැනුනා මටත් වඩා එයා දුකින් කියලා…මගේ මෝඩකම මමම හදනවා හිතන් මම මෙහෙම කිව්වා”අනේ මෝඩියේ,මම දන්නවා,මට ඔයාව දැනෙනවා හොඳට,,

මම පොඩ්ඩක් කේන්ති ගස්සවන්නයි එහෙම කිව්වේ…”මගේ පෙර වාසනාවට එයා ඒක පිළිගත්තා…මට බැන්නා…ඒත් ලොකු සැනසීමක් දැනුනා…දැන් අපි කතාකරන්න අරන් මාස 5ක් විතර වෙනවා…මම හැමදේම ජෙයිසන්ට කිව්වා…එයා මට කිව්වේ “All th best මචන්” කියලා විතරයි…ජෙයිසන් හදිසියේ අවුරුදු 5 කට ඉතාලි ගියා…මගේ හොඳම යාළුවා නැති අඩුව තදින්ම දැනුනා…

2009 සිංහල අළුත් අවුරුද්දට හැමෝම කඩිමුඩියේ ලක ලැහැස්ති වෙනවා…කැවුම් කොකිස් විවිධාකාර කෑම ජාති බැදෙනවා…මේ හැමදේම වනඅතරේ මට තිබුනේ එකම එක බලාපොරොත්තුවක් විතරයි…අලුත් අවුරුද්ද ලබන්න කලින් ජනනිගෙන් කැමැත්ත අහනවා කියලා විතරයි…දවස් ගෙවී ගියා…වෙනදා විදියට අපි කතාකලා…අලුත් අවුරුද්ද ලබන්න විනාඩි පහක් විතර තිබුනේ…මම කොච්චර Try කලත් කැමැත්ත අහන්න හයියක් තිබුනේ නෑ.

මම දන්නවා එයා බලන් ඉන්නේ මම ආදරෙයි කියනකම් කියලා…බැරිමතැන මම එයාට Message එකක් දැම්මා “ජනනි මම ඔයාට ආදරෙයි,ඔයත් මට ආදරෙයිනම් අවුරුද්ද ලබන්න කලින් I love you කියලා එවන්න කියලා…මම බලන් හිටියා…වෙලාව යනවා…ජනනිගෙන් Reply නෑ…මට හිතුනා එයා දැක්කේනැද්ද,බයෙන්ද නැතිනම් මට අකමැතිද කියලා…

තව තත්පර 30ක්වත් තිබුනේ නෑ…මගේ ජීවිතේ මම දැකපු සුන්දරම දෙය මම දැක්කා…I love you Kamal..ඇයි මෙච්චර දවසක් ඕක ඇහුවේ නැත්තේ?..මට මුලු ලෝකෙම ලැබුනාවගේ සතුටක් දැනුනා…පලවෙනි ආදරය මගේ…මට කෝල් එකක් ගන්නත් ලැජ්ජාවක් හිතුනා…ඒත් මම ගත්තා…”තෑන්ක් මගේ රත්තරන්,මම ඔයාව ඇහැක් වගේ බලාගන්නවා,ඔයා මගේ…ඔය වගේ ගොඩක් දේවල් කිව්වා…

එයා මගෙන් ඉල්ලුවේ මෙච්චරයි…බොරු කරන්න එපා,මාව හොඳින් බලාගන්න,මම ඔයාව දාලා යන්නේ නෑ…ඒත් මරනෙදී මං ඔයාට වඩා තත්පරයක් හරි කලින් මැරෙනවා මොකද ඔයා නැතුව එක මොහොතක්වත් මට ජීවත්වෙන්න බැරි නිසා…ඒකටනම් දුකත් හිතුනා,ඒත් මම මුකුත් කිව්වෙ නෑ…

කාලය ගෙවිලා ගියා…අපි ගොඩක් ආදරෙන් හිටියා…මාස 3ක් විතර අපි අපිව තේරුම් අරන් ආදරය කලා. කවදාවත් හමුවුණේ නැහැ .දවසක් මම කිව්වා මට ඔයාව බලන්න ඕනා ජනනි කියලා. එයා මුලින්ම අදිමදි කලත් පස්සෙ මගේ හිත රිද්දන්න බැරි කමට කැමති වුණා..මොකද මම වගේම එයාගේත් මුල්ම මම.2009 ජුලි 18 වෙනිදා අපි මුණගැහෙන්න තිරණය කලා. මම දියතලාව ස්ටේෂන් එකට ආවා පාන්දර 6 වෙනකොට…

මම එයාට එන්න කිව්වේ 8…මම ඒ තරම් ආසාවෙන් හිටියේ එයාව බලන්න…මම 7.30 ඉදන් කෝල් කලා…එයා තාත්තා වැඩට යනකම් හිටියේ…මම සීතලේ ගැහි ගැහී ඉන්නකොට කෙල්ලෙක් ඈතින් එනවා දැක්කා…මෙච්චරකල් කතාකලාට මූණ මොනවගේදවත් මතකයක් තිබුනේ නැහැ…

මම හිතුවේ ජනනි තමයි ඒ කියලා…කවුරුත් ඒ වෙලාවේ ස්ටේෂන්එකේ හිටියේ නෑ…කෝච්චිය තිබුනේ 8.30ට…ආපු කෙල්ල මම ලගින් මාව පහුකරගෙන ගියා…මම හිතුවා ජනනිට මාව අදුරගන්න බැරිවෙලා කියලා…මම නැගිටලා අතින් ඇද්දා…එකපාරටම අතේ තිබුන කුඩෙන් මට ගැහුවා…මට තේරුනා ඒ ජනනි නෙවෙයි කියලා…Sorry නංගි කියලා මම ආයෙත් වාඩිවුණා…

මේ දේවල් මෙහෙම වෙද්දී මේ සිද්ධිය දිහා බලන් කෙල්ලෙක් ඈතින් හිනාවෙවී එනවා මම දැක්කා…රෑ වැටුන වලේ දවල් වැටෙන්න හොඳනැති නිසා මම සද්ද නැතුව හිටියා. ඒ කෙල්ල මං ලගින් ඇවිත් හිටගත්තම මම දැක්කේ චීන කෙල්ලෙක් වගේ…මම ඇහුවා ඔයා ජනනි නේද කියලා.ලොකු ආදරයකින් “ඔව් මෝඩයෝ කිව්වා…”

ඔන්න අපි හමුවුන මුල්ම දවස.අපි අඹේවෙල ගියා…එහිදී හරක් අපි පස්සෙ එලවන්ආවා…අපි දිව්වා…ඒ වගේ පොඩි පොඩි දේවල් ගොඩක් උනා… අපි ගොඩක් ආදරෙන් දවස ගෙවිවා .. ආයේ දියතලාව කෝච්චිය තිබුනේ 05 ට. අපි 04 ට ස්ටේෂන් එකට ආවා. මම කතරගම ගිහින් ගෙනාපු නුලක් තිබිලා මම එක ජනනිගේ අතේ බැන්දා. බැදලා මම කිව්වා මේ නුල අතේ තියනකන් අපේ ආදරේට හානි කරන්න කාටවත් බෑ මගේ රත්තරන් කියලා …

අපේ ආදරේ නැති වේන්නෙත් නැ කියලා. අනේ සිද්ද වුනේ නෝහිතපු දේයක්…අපි දියතලාවේන් බහිද්දි එයා අතේ බැදලා තිබුන නුල වැටිලා..අපි බැස්සමයි දැක්කේ..එ වේලාවේ ජනනි මාව බදගේන ගොඩක් ඇඩුවා.. පිස්සේක් වගේ ඇඩුවා.මම වැඩිය ගන්න ගත්තේ නැ.මොකද මං එයාව දාලා යන්නේ නැ කියලා ලොකු විශ්වාසයක් මගේ හිතේ තිබුනා..

කථා කරන හැම දවසකම නැතිවේචිච නුල මතක් කර කර අඩනවා.. ” අනේ කමල් මට සමාවෙන්න ” එ නුල මට මිල කරන්න බෑ….මොකද ඔයාගේ ආදරය කැටි වුන මුල්ම සාක්ෂිය එක. නුල් නමි ඕන තරමි ගන්න පුලුවන් ඒත් ඔයාගේ රත්තරන් අතින් කොහොමද ඒ මුල්ම දවසේ බැදපු ඒ නුලම මං ආයේ බැදගන්නේ…..

ඒ වචන ටික මගේ පපුවට හොදට වැදුනා…කියා ගන්න බැරි තරම් දුකක් දැනුණා..මොකද මම හොයපු ආදරේ මේකම නිසා.මම පුලුවන් තරමි ජනනිගේ හිත හැදුවා

අපි ඊට පස්සේ නිතර නිතර හමිබුනා.අපේ සමිබන්ධය ගැන ගෙදරට අපි කවිවා…මම රජයේ හොද රැකියාවක් කරන කෙනෙක් නිසා අපිට අපේ ආදරේට බාධා තිබුනේ නෑ..අපි ගොඩක් අදරේන් හිටියා.මෙහේම අවුරුදු 04ක් අපි නොදැනීම ගතවුණා…2014 අවුරුද්ද අන්තිමේදි අපි විවාහ වෙන්න හිටියේ .බණ්ඩාරවෙල CC එක කිව්වාම ඒ කියන්නේ (Complex Centre)එක නොදන්න කෙනෙක් නැතිතරම්. එතන උඩතට්ටුවේ තියෙන Milk Bar එකේ අලිගැටපේර ජූස් එක බොන්න ජනනි හරි ආසයි…අපි හමුවනොත් ඒකනම් එයා මගහරින්නෙම නෑ…

මෙහෙම කාලය ගෙවුණා.ජනනි මගේ 22නිසා උපන්දිනේට මට අමතක නොවෙන තෑග්ගක් දුන්නා.ඒ අලුත්ම සුදුපාට කාර් එකක්. ඊට පස්සේ අපි ගමන් ගියේ ඒකේ.මම එයාව ඉස්සරහා තියන් යනවා තරම් සතුටක් තවත් නැහැ. අපිට අපි නැතුව බැරිඋනා.හුස්මක්වත් ගන්න බැරි තරම්.

ඒ වෙනකොට ජනනි බාහිර උපාධිය කරමින් හිටියේ. දවසක් මට කිව්වා “කමල්,මට පොඩ්ඩක් අසනීපයි වගේ, මාව එක්කන් එන්න පුළුවන්ද කියලා.”ඇත්තටම මම එතකොට ලොකු වැඩක හිටියේ,ඒත් එයා වෙනුවෙන් මම ගියා.එයාව එක්කන් එද්දී වෙනදා වගේම අලිගැටපේර බොන්න CC එකට යමු කිව්වා.

මම බැහැනොකියා ගියා…වෙනදා බිංදුවක්වත් ඉතුරු නොකරන කෙල්ල අද බාගයක්ම ඉතුරු කලා. මට පුදුම හිතුනා. ඒත් එයාගේ අසනීප තත්වයක් මට පෙනුනේ නෑ.වෙනදාටත් වඩා හුරතල් වෙවී දියතලාවට ආවා.මට පරක්කුවෙන නිසා ගෙදර පෙනි පෙනී මම මගින් කාර්එක නැවැත්තුවා. මොකද අම්මලා දැක්කොත් මට ඉක්මනට එන්න දෙන්නේ නැහැ. ඒ වගේම ගෙදර ලගින් කාර්එක හරවන්න අමාරු නිසා…

ආදරෙන් උම්මා එකක් දීලා ජනනි හූරතලේන් කාර් එකේන් බැස්සා. බැහැලා මං දිහා බලන් ” ටටා වස්තුව” කියලා කාර් එක ඉස්සරහින් පාර පනින්න ගියා.එතකොටම මං දැක්කා පිටිපස්සේන් බදුල්ල කොළඹ බස් එකක් හයියෙන් එනවා..මම ඇතුලේ ඉදන් අතින් ” එපා බබා පාර පනින්න එපා කියලා”කැගැහුවා..

ඒත් එයා හිතුවේ මම එයාට “ටටා” කියනවා කියලා. මොකද විදුරු වහලා නිසා පිටට මුකුත් ඇහෙන් නැ..ඒත් එක්කම යකෙක් වගේ ආපු බස් එක මගේ පන හප්පාගෙන ඉස්සරහට ඇදුනා මීටර් 15ක් විතර මගේ රත්තරන් ජනනි විසි වුණා…මේ හැමදේම වෙන්න තත්පර 05 ක් වත් ගියේ නැ..මට හිතාගන්න බැරි වුණ උනදේ.මම කෑගහගෙන කාර්එකෙන් එලියට දිව්වා.මගේ රත්තරන් ලේ විලක් මැද වැටිලා හිටියා.

අනේ දෙයියනේ මම කෑගහලා මගේ වස්තුව මගේ අත්දෙකන් වඩාගෙන මගේ කාර්යකට දාගත්ත. මම එයාව ඉස්පිරිතාලේ ගෙනියනකොට එයාට සිහිය තිබුනා.මංදිහා බලලා හිනාඋනා,මගේ අත්මිරිකුවා…ඉස්පිරිතාලේ ඇතුලට මගේ අත්දෙකෙන්ම උස්සන් දිව්වා. මගේ මූණ බලන් එයාගේ ඇස්වලින් කඳුළු බිඳු ආවා. එකපාරටම මගේ ජනනිගේ බෙල්ල කඩන් වැටෙනවා වගේ මට දැනුනා…

ජනනිව ICU එකට ගත්තා.පැයකට විතර පස්සෙ ජනනිගේ තාත්තාට එන්න කියලා දොස්තර කියලා තියෙනවා ‘සමාවෙන්න මහත්තයා, දුවව බේරගන්න බෑ කියලා. තාත්තා අඩාගෙන ඇවිත් මට කිව්වා.මට ආපු දුකට මම දොස්තරව තල්ලු කලා. ඒ වෙනකොටත් ජනනිගේ හදවත විතරයි පණ තිබුනේ.මැෂින් ගහලා තිබුනේ.දවස් 2ට වඩා මැෂින් ගහන්න බෑ කිව්වා.මම දොස්තර ලග වැදවැටුනා මගේ පණ බේරලා දෙන්න කියලා.අනේ මැෂින් ගලවපු ගමන් මගේ පණ මාව දාල යනවා.මට ඒක දරන්න බැරිවුණා…

මම ජනනිව නවලෝකෙට ගෙනාවේ ලොකු විශ්වාසයකින්.ඒත් ඒකේ දොස්තර කිව්වෙත් එකම කතාවයි.ඒත් මට ලොකු විශ්වාසයක් තිබුණා එයාට මාව දාලායන්න බෑ කියලා.ඒක පුද්ගලික රෝහලක් නිසා මම සල්ලි දීලා ජනනිගේ ජීවිතේ ඉල්ලුවා.අන්තිමට ජනනි අරන්දුන්න කාර්එකත් එයා වෙනුවෙන් විකුණන්න උනා. මොකද ඒ හැමදේටම වඩා මට ඕන වුනේ මගේ රත්තරන් කෙල්ල…

සති 2ක් ගෙවුණා කිසි වෙනසක් නෑ.ඇත්තටම ජනනිගේ ඇගිල්ලක්වත් හෙලවුනේ නෑ.දොස්තර,අම්මලා, තාත්තලා,ජනනිගේ අක්කා, මගේ අක්කා කියපු දේට මම කැමතිඋනා. මගේ ජීවිතේ කාලකණ්නි දවස උදාඋනා.මම දොස්තර හම්බවෙලා කිව්වා හවස මැෂින් අයින්කරමු කියලා.මොකද මගේ වස්තුව විදිනවා…

හවස අපි හැමෝම ඉස්පිරිතාලේට ආවා.හැමෝම විලාප දුන්නා,ජනනිව බදාගත්තා. ඇතිතරම් බලන්න දීලා මම ඒ හැමෝවම එලියට යැව්වා.ඉතුරුවෙලා හිටියේ අපි දෙන්නයි දොස්තරයි විතරයි. ජනනි මට හමුවුනේ “ස්නේහයේ නගරයයි.

..”සිංදුවෙන්.අපි දෙන්නා ඒ සිංදුවට ගොඩක් ආදරේ කලා. මම ඒ සිංදුව මගේ පණට ගොඩක් වතාවක් කණට ලංකරලා අහන්න දුන්නා. මම දන්නවා ජනනි ඒක අහන්න ඇති.ඊටපස්සේ පැයක් විතර මම අඩ අඩා අපේ සුන්දර අතීතයට එයාව එක්කන් ගියා.ඒවා අහන්හිටපු දොස්තරගේඇස්වල කදුලූත් මම දැක්කා.මම ජනනිගේ නූල බැදපු අත බදාගත්තා.එතකොට වෙලාව 6ත් පහුවෙලා…

ජීවිතේ වේදනාකාරී මිනිත්තු කිහිපය ආවා.මම පිස්සෙක් වගේ ජනනි බදන් අඩ අඩා හැමදේම ඉවර කලා.මම දොස්තරට කිව්වා,හරි මගේ ජනනිට මහන්සියි,මැෂින් අයින් කරන්න කියලා. ඩොක්ටර් ඇවිත් මගෙයි ජනනිගේ ඔලුව අතගෑවා.ජනනි දිහා බලලා “බුදුසරණයි දුවේ” කිව්වා. මට මගේ පණ ගේ මූණ බලන්න හයියක් තිබුනේ නෑ.මොකද මට මගේ වස්තුව රැකගන්න බැරිවුණා.ඒත් මගේ මතක,එයාගේ සුවද,අපේ ආදරය එයාට ගෙනියන්න දුන්නේ නෑ….

නපුරු වෙලාව ආවා. මං ඇස් පියන් ජනනිගේ අත තදකරගෙන හිටියේ . දොස්තර මැෂින් Off කරනවාත් එක්කම සති 2 හෙලවෙන්නේවත් නැතුව හිටපු ජනනි මං අල්ලන් හිටපු මගේ අත හයියෙන් මිරිකුවා.මට ඒක හොඳට දැනුණා දෙයියනේ.මගේ ජනනි මට නැතිඋනා.අදටත් මම වැරදිකාරයෙක් කියලා හිතෙනවා.මොකද තව ටික දවසක් තියන් හිටියානම් බේරගන්න තිබුණා.එයා මගේ අත මිරිකන්න ඇත්තේ මෙහෙම හිතන් වෙන්නඇති…

” මෝඩයෝ ඇයි මෙහෙම කලේ,තව ටිකදවසකින් මම හොඳ වෙන්නනේ හිටියේ, ඇයි මෙහෙම කලේ….තරහා නැ වස්තුව. …මං කොහේහරි ඉදන් ඔයාව බලාගන්නම්..මේ ආත්මයේදී මගේ රත්තරන් මහත්තයාගේ උණුහුම විදලා ලස්සන ජීවිතයක් ගතකරන්න පිං මදි ඇති.හැබැයි ඊලඟ ආත්මයේදී නම් මේ වගේ මෝඩවැඩ කරන්න එපා.කොහොමත් මුලින්ම මැරෙන්න ඉල්ලුවේ මං..ඒකත් හැමඉල්ලීමක්ම වගේ ඒකත් මට ලැබුණා,මං හරි වාසනාවන්තයි මගේ සුදු මහත්තයා, කියලා……..

“අදටත් මම ඒ වේදනාවෙන් ජීවත්වෙන්වා”

….නිමී….

උපුටා ගැනීමකි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top