ලංකාවේ බහුල පිළිකා වර්ග වල ” පූර්ව ලක්ෂණ ” ඔබ දන්නවා ද? 💊

🖌 මෙහි සදහන් රෝග ලක්ෂණ” ඔයාටත් තියෙනවා ද ?
📌 සති 3ක් ඉක්මවූ කටහඬෙහි වෙනසක්.
📌මුඛයේ රතු පාට හෝ සුදු පාට ලප මතුවීමක්.
📌මුත්‍රා කිරීමේදී හෝ මළපහ කිරීමේ පුරුදු වල වෙනසක් හෝ ඒ සමග ලේ පිටවීමක්
📌ගෙල , තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීමක්.
📌කල් අල්ලා පවතින අජීර්ණ තත්ත්වයක් හෝ ගිලීමේ අපහසුතාවක්.
📌කල් පවතින සුව නොවන තුවාලයක්.
📌පියයුරුවල හෝ වෙන ස්ථානයක ඝනවීමක් හෝ ගැටයක්.
📌යෝනි මාර්ගයෙන් රුධිරය හෝ අසාමාන්‍ය ස්‍රාවයක් පිටවීම.
Ministry of Indigenous Medicine – Uva provincial Council.
01📉 පියයුරු පිළිකා රෝග ලක්ෂණ 👇

♦️පියයුරෙහි වලගැසීමක්.
♦️සමේ වෙනස් වීමක්.
♦️පියයුරුවල මෑතකදී අඇති වූ,හැඩයේ වෙනස්කමක් හෝ පැහැදිලි අසමමිතික බවක්.
♦️සමේ වෙනස්වීමක්.
♦️තනපුඩුවේ ගිලීයාමක් හෝ අසමමිතික බවක්.
♦️පියයුරුවල ගැටිත්තක් හෝ ඉදිමීමක්.
02📉 මුඛ පිළිකාව 👇

🌿 මුඛයේ පිළිකාව ක් සෑදීමට පෙර මුල් අවස්ථාවේදී ම හදුනාගත හැක.
රෝග ලක්ෂණ”
📌කල් පවතින සුව නොවන තුවාල.
📌කල් පවතින රතු ලප.
📌කල් පවතින සුදු ලප.
📌කල් පවතින රතු හා සුදු මිශ්‍ර ලප.
📌සමාන්‍ය නොවන මුඛයේ දැවිල්ලක් සමග තොල් හා ශ්ලේෂ්මලයේ ඝන වීමක් හා සුදුමැලි වීමක්.
03📉 මහාන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා රෝග ලක්ෂණ” 👇

♦️මළපහ කිරීමේ පුරුදුවල වෙනසක්.
♦️මළපහ සමග ලේ පිටවීමක්.
♦️උදර වේදනාව.
♦️පෙරට වඩා මළපහ සිහින් සිහින් ස්වභාවය ක් ගැනීම.
♦️මළපහ පිටවීමේ අසම්පූර්ණ බවක් මළපහ කිරීමෙන් පසුවද දැනීම.
♦️ගුද මාර්ගයෙන් ලේ පිටවීමක් හෝ නිතර නිතර ආතිවන මළබද්ධය හෝ පාචන ස්වභාවය ක්.
♦️ශරීරයේ බර අනපේක්ෂිත ලෙස අඩු වීම.
04📉 තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා රෝග ලක්ෂණ” 👇
📌බෙල්ලේ වේදනාවක්.
📌හුස්ම ගැනීමේ අපහසුවක්.
📌තයිරොයිඩ් ග්‍රන්ථියේ විශාලවීමක් හෝ වෙනසක්.
📌බෙල්ලේ වසා ගැටිති ඉදිමීමක්.
📌හේතුවක් නොමැතිව කටහඩේ ගොරෝසු බවක්.
📌ගිලීමේ අපහසුවක්
05📉 ගැබ්ගෙල පිළිකා රෝග ලක්ෂණ” 👇
♦️ලිංගිකව එක් වීමෙන් පසු රුධිර වහනයක්.
♦️යෝනි මාර්ගයෙන් දුර්ගන්ධකින් යුතු ස්‍රාවයක් පිටවීම.
♦️යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනයක්.
♦️මාස් ශුද්ධිය නැවතී තිබෙන කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිර ය පිටවීම.
♦️පැප් පරීක්ෂාවක් මගින් ගැබ්ගෙල වෙනස්කම් පිළිකා ව අඇතිවීමට පෙර හදුනාගත හැකිය
🌿 පිළිකාව කල්තියා හදුනාගමු ➡ පිළිකාව පරාජය කරමු ⚛
ලිපිය කියවලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා.මේක ගොඩක් වටිනා ලිපියක් නිසා.