නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර ඊයේ (16) පැවැති තරඟයෙන් අනතුරුව සිදු වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
තරඟයෙන් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන් රැදී සිටි විවේකාගාරයේ දේපල වලට අලාභ හානි සිදු කර තිබූ අතර, විවේකාගාරයේ විදූරු දොරටුව ඔවුන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර තිබුණි.
කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තරඟ තීරකවරයා හරහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරික්ෂණයක් ආරම්භ කර ඇත.
ඊයේ පැවැති තරඟයේ තරඟ තීරකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් බෝඩ් විසින් ක්‍රිඩා පිටියේ කාර්යය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබා ගැනිමට පියවර ගෙන ඇති අතර අදාල ප්‍රකාශ අද දහවල් 12.00ට පෙර ලබා දෙන ලෙස තරඟ තීරකවරයා දැනුම්දී ඇති බව සඳහන්.
එමෙන්ම ඊයේ ඇති වූ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර ඇත.