ක්‍රිඩා

බංගලාදේශ ක්‍රිඩාගාරයේ වීදුරු බිදීම ගැන සොයයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති නිදහස් කුසලාන තරගයේදී ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුරදී බංග්ලාදේශ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු බිඳී ගොස් තිබේ.

එම අවස්ථාවේදී සිදුවූයේ කුමක්ද යන්න සී.සී.ටී.වී දර්ශන නරඹා තමන්ට වාර්තාවක් දෙන ලෙස තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කළ එංගලන්තයේ හිටපු ටෙස්ට් ක්‍රීඩක ක්‍රිස් බ්‍රෝඞ් මහතා ක්‍රීඩාංගණ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

තරගයේ අවසන් ඕවරයේදී ඇතිවූ මතභේදයක් හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ පිටිය මැදට විත් ඝෝෂා කරන්නට වූහ. මෙම අවස්ථාවේදී ක්‍රීඩාගාරයේ වීදුරු බිඳුණාද නැතහොත් තරගය ජයගැනීමෙන් පසුව පැවැති ජයග්‍රහණය සැමරීමේදී වීදුරු බිඳුණාද යන්න පරීක්‍ෂණ කෙරෙමින් පවතී. 

 

 

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top