News

facebook ආයතනයට වැඩිම ආදාමයක් ලැබෙන ආසියාවේ දෙවන රට ලංකාව

ශ්‍රී ලාංකීකයන් විසින් භාවිත කරනු ලබන ෆේස්බුක් ගිණුම් හරහා මාසිකව ෆේස්බුක් සමාගම රුපියල් කෝටි 50ක ආදායමක් උපයන බව වාර්තා වනවා. මෑතකදී economics times සඟරාව විසින් සිදුකළ සමීක්ෂණයකින් මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

ෆේස්බුක් ගිණුම්වල විවිධ වෙළඳ දැන්වීම් පල කිරිම මෙන්ම ගිණුම් හිමියන් විසින් සිදුකරනු ලබන වානිජමය දැන්වීම් හා ප්‍රචාරක කටයුතු මගින් මෙම සමාගම විශාල ආදායමක් උපයන බවයි economics times සඳහන් කරන්නේ.

ෆේස්බුක් ගිණුම් හිමි ශ්‍රී ලාංකීකයන්ගේ සංඛ්‍යාව මිලියන 6.5ක් වන අතර ඉන් දෛනිකව සක්‍රීය වන ගිණුම් සංඛ්‍යාව මිලියන 2ක්. සාමාන්‍යයෙන් ගත් කළ එක් ශ්‍රී ලාංකීකයෙකුගේ ෆේස්බුක් ගිණුමක් දිනපතා උපයෝගි වන්නේ නම් ඒ සඳහා ෆේස්බුක් සමාගමට වසරකට අමෙරිකානු ඩොලර් 1ක් හිමි වනවා.

රටක ඒක පුද්ගලය ආදායම අනුව අදාළ ගෙවීම් තීරණය වන අතර දකුණු ආසියානු රටවලින් ෆේස්බුක් සමාගමට අධික ආදායමක් ලබාදෙන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 2වන ස්ථානයයි.

එහි පළමු ස්ථානය හිමි කරගෙන ඇත්තේ අසල්වැසි ඉන්දියාවයි.

කෙසේ නමුත් මෙවැනි විශාල ආදාමක් ශ්‍රී ලාංකීයන්ගේ ගිණුම් හරහා උපයන ෆේස්බුක් සමාගමින් ශ්‍රී ලංකාවට ලැබෙන කිසිදු ආදායමක් නොමැති බවයි economics times සඟරාව පෙන්වා දී ඇත්තේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top