News

නුවර ගැටුමට වගකිව යුත්තේ පොලීසිය – මහිනද රාජපක්ෂ

පසුගිය දිනවල මහනුවර ආශ්‍රිතව ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් වගකීම පොලිසිය විසින් භාර ගත යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තෙල්දෙණියේ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී ‍එම පහරදීම සම්බන්ධ‍ පුද්ගලයන්ට ඇප ලබා දී තිබූ බවත් ඉන්පසු එම පුද්ගලයා මියයාමෙන් පසුව සැකකරුවන් නිදැල්ලේ හැසිරීම මත ජනතාව ප්‍රකෝපකාරී වූ බවත් ඉන්පසුව ඔවුන් යළි අත්අඩංගුවට ගන්නා විට මෙම නොසන්සුන්තාව වර්ධනය වී තිබූ බවත් කී හිටපු ජනාධිපතිවරයා එම පහරදීමේ සැකකරුවන්ට ඇප ලබා නොදීමට පොලිසිය ක්‍රියා කළේ නම් මෙවන් කැලබිලි සහගත තත්ත්වයක් ඇති නොවන බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පවසා සිටියේ බෞද්ධ හා මුස්ලිම් ආගමික නියෝජතයන් සමඟ අද (09) මහනුවරදී පැවැති විශේෂ සාකච්ඡාවක දීය.

සිංහල – මුස්ලිම් සහජීවනය සඳහා එම සාකච්ඡා සාර්ථක වූ බව ද හිටපු ජනාධිපතිවරයා කීය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top