මේ දින වල ෆේස්බුක් ඇතුව සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කොට ඇතත් වෙනයම් ක්‍රම මඟින් එම ගිනුම් වලට පිවිසෙන්නවුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රකාශකයෙක් ලක්බිම ඔන්ලයින් වෙත කීය.
මේ වන විට එම සමාජ ජාල වෙබ් අඩවි අවහිර කොට ඇත්තේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු ඇතිවීම වැලැක්වීම පිණිස බව පැවසූ ඔහු කවර ක්‍රමයකින් වුව එම සමාජ ජාල වෙබ් අඩවි වලට පිවිස ජාතික ආරක්ෂාවට තර්ජනය වන කරුණු, ජායාරූප, වීඩියෝ ඇතුළු කිරීම, පැතිරවීම සහ අදහස් පළ කිරීම සපුරා නීතිවිරෝධී වන අතර එසේ කරන්නවුන් පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශය නිරතුරු නිරීක්ෂණය කරන බවද පැවසීය.
ඒ අනුව සමාජ ජාල වෙබ් අඩවි මඟින් එවන් කටයුතු වල යෙදෙන්නවුන් නීතිමය අත්අඩංගුවට පත්විය හැකි බැවින් මේ සඳහා අනුගමනය කළ හැකි හොඳම පියවර වන්නේ හැකිතාක් ඉක්මනින් මෙම සමාජ ජාල වෙබ් අඩවි අවහිරතාව නිමා කරන තුරු එම සමාජ ජාල ගිණුම් වලට නොපිවිස සිටීම බවද ඔහු වැඩිරටත් කීය.
උපුටා ගැනීම ලක්බිම