තාවකාලිකව අවහිර කොට තිබූ වට්ස්ඇප් සහ මැසෙන්ජර් සමාජ ජාල සම්බන්ධතා පණිවිඩ හුවමාරු සඳහා පමණක් යළි සක්‍රීය කොට ඇති බව වාර්තා වේ.
ව්‍යාපාරික සහ වෙනකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය වන බැවින් මෙම ජාල පණිවිඩ හුවමාරු සඳහා පමණක් අවසර දී ඇති අතර ඡායාරූප සහ වීඩියෝ යැවීම සඳහා තවම එම අවස්ථාව හිමිව නැත.
මෙම අවස්ථාව විධිමත් ලෙස පරිහරණය කරන මෙන් ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වට්ස්ඇප් සහ මැසෙන්ජර් ග්‍රාහකයන්ගෙන් ඉල්ලා සිටියි.