දැනුම

චුයින්ගම් හපන එක හොදද ? නරකද ?

විද්යුත් මාධ්‍යයන් සමඟ සමීප සම්බන්ධතාවයක්‌ නොමැති යුගයකදී චුයිංගම් එතරම් ජනප්‍රිය නොවුණත් ක්‍රිකට්‌ ක්‍රිඩකයන් විසින් චුයිංගම් හැපීමත් සමඟ බොහෝ දෙනාගේ කතා බහ චුයින්ගම් මුල් කර ගෙන ගොඩ නැඟෙන්නට විය. ඒ නිසාම චුයින්ගම් මුල් කරගෙන ඇති වුණ ගුණගායනාවන් බොහෝය.

කිසිදු ලෙසකින් පෝෂණ ප්‍රභවයක්‌ ලෙසින් ඇගයීමක්‌ නොවුණද චුයිංගම් නිසා හනු ආශ්‍රිතව ක්‍රමානුකූල චලනයක්‌ සිද්ධ වෙන බැව් හඳුනාගෙන ඇත. මෙයින් සිදු වන්නේ හනුවල චලනය පමණක්‌ නොවේ. ඒ සමඟම මොළයේ මතකයට සම්බන්ධ කලාපය උත්තේජන කරන නිසා මතක ශක්‌තිය වගේම මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමටත් මේ තත්ත්වය හේතු වෙන බව අධ්‍යනයන් මගින් හඳුනා ගෙන ඇත. එසේනම් ක්‍රිකට්‌ ක්‍රිඩකයන් විසින් චුයින්ගම් හපන්නේ ඇයි…? යන කුතුහලය මෙතැනින් අවසාන වෙනු ඇත.

ගුණයක්‌ නැති ආහාරයක්‌ වුණත් චුයින්ගම් විකන විට ඛේටය හෙවත් කෙළ උත්තේජනය වීම නිසා ආහාර ජීරණ ක්‍රියාවලිය වඩාත් පහසු කරනු ලබනවා. මුඛයේ කෙළ ගහන වීම නිසා විදුරු මස්‌ ආසාදනයන් මෙන්ම දත් දිරාපත් වීමත් අඩුවීමට හේතු වෙන බවත් සැළකිය යුතු වාසියක්‌ සේ සැලකේ. මුඛයේ තබා ගෙන නිරන්තර චුයින්ගම් විකන විට නිරන්තරව ඇති වෙන ආහාර රුචිය අඩු වෙන නිසා සිරුරේ බර පහළ යැමත් තවත් පැත්තකින් ලැබෙන සෞඛ්‍ය වාසියක්‌ ලෙස හඳුනා ගෙන තිබේ.

චුයින්ගම් උපත පිළිබඳව සළකන විට ඒ හා බැඳුනේ අනාදිමත් කාලයක අතීත කථාවකි. ග්‍ර්‍රSක ජාතික කාන්තාවන් විසින් තමන්ගේ දත් මැලියම් ඉවත් කර ගැනීම සඳහා “මැස්‌ටික්‌” ශාකයේ පොතු විකීමට හුරුව සිටි අතර පසුකාලයකදී චුයින්ගම් නිෂ්පාදනය සඳහා මෙම නිදාන සිදුවීම් පාදක වන්නනට ඇතැයි විශ්වාස කෙරේ. මේ නිසා ග්‍රී පකපනසියේ චුයින්ගම් නිෂ්පාදනය වෙනුවෙන් මැස්‌ටික්‌ පොතු යොදා ගෙන තිබේ.

ලෝකයේ බොහෝ දෙනෙක්‌ විවිධ මැලියම් වර්ග හැපීමට පුරුදුව සිටි අතර ඒ වෙනුවෙන් යොදා ගෙන ඇත්තේ දුම්මල, ලාටු, ශාක පත්‍ර, ධාන්‍ය, ඉටි සහ වෙනත් පැණි රස සහිත තණකොළ වර්ගයි. පුරාණ මායාවරුන් චුයිංගම් නිෂ්පාදනය වෙනුවෙන් Chicle භාවිතා කළහ. එස්‌කිමෝ වැසියන් “බ්ලුබර් ” ශාක යොදා ගත් අතර දකුණු ඇමරිකානුවන් මේ වෙනුවෙන් කොකෝවා පත්‍ර යොදා ගත්හ. චීන ජාතිකයන් විසින් Ginseng ශාකයේ මුල්ද, දකූණු දිග ආසියාතිකයන් විසින් බුලත්නැටිද යොදා ගත්හ.

රතු ඉන්දියානුවන් විසින් පිපාසයට පිළියමක්‌ ලෙසින් “ස්‌පාස්‌ ” ශාකයේ පොත්තට අභ්‍යන්තරයෙන් වූ දුම්මල හැපීම පුරුද්දක්‌ව සිටි අතර නව එංගලන්තයට යටත් විජිත ස්‌ථාපනය කිරීමට පැමිණි ඉංගි්‍රසි ජාතිකයන්ට ඔවුන් චුයිංගම් හඳුන්වා දෙන ලදී. මේ නිසා ඇමරිකා එක්‌සත් ජනපද වැසියන් විසින් ස්‌බෘස්‌ ගසේ දුම්මල යොදා ගෙන චුයිංගම් නිෂ්පාදනය කරන ලද අතර කාලයත් සමඟ සිදු කරන ලද විවිධ අත්හදා බැලීම් නිසා ස්‌පෘස්‌ වෙනුවට පැරෆින් ඉටි චුයින්ගම් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ලදී.

මේ අතර චුයින්ගම් වෙනුවෙන් අලුත් අමුද්‍රව්‍ය විමසන අවස්‌ථාවකදී මධ්‍යම ඇමරිකානුවන් විසින් සැපදිල්ලා කිරි යොදා ගෙන චුයිංගම් නිෂ්පාදනයට යොමු වුණ අතර 1860 වසර වෙන විට හුදෙකලාව වී තිබුණ චුයින්ගම් වෙනුවෙන් ලොව පුරා ඉතා ජනප්‍රියත්වයක්‌ වර්ධනය වන්නනට විය.

ඇස්‌ටෙක්‌වරුන් තුළ චුයින්ගම් හැපීමේදී අනුගමනය කරනු ලබන යම් යම් ගති සිරිත් කීපයක්‌ පනවා තිබුණි. ඒ අනුව ප්‍රසිද්ධියේ චුයිංගම් විකීමට අවසර තිබුණේ කුඩා දරුවන්ට සහ තනිකඩ කාන්තාවන්ට පමණි. විවාහක සහ වැන්දඹු කාන්තාවන් තමන්ගේ මුඛය සුවඳවත් කර ගැනීමටද, පිරිමින් මුඛයේ පිරිසිදු බව පවත්වා ගැනීමට චුයින්ගම් භාවිතා කරන ලදී. එහෙත් පිරිමින් චුයින්ගම් පාවිච්චි කරනු ලැබුවේ ඉතා රහසිගත ලෙසින්ය. එය පිරිමින්ගේ විනයක්‌ ලෙස සලකන ලදී.

කෙසේ වුණත් පින්ලන්තයේ ඩර්බි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ගේ අදහස අනුව සැපදිල්ලා මැලියම් යොදා ගෙන චුයින්ගම් නිපදවීමේ අයිතිය මධ්‍යම අප්‍රිකාවට පමණක්‌ භාරදීමට සූදානමක්‌ නැත. ඔවුන්ගේ විවිධ අධ්‍යනයන් පාදක කර ගෙන පෙන්වා දෙන්නේ චුයිංගම් නිෂ්පාදනය අනාදිමත් කාලයක පටන් සිදු වෙන බවයි. බටහිර පින්ලන්තයේ සිදු කරන ලද කැණීම් මගින් හඳුනා ගත් චුයිංගම් කැබැල්ලක්‌ ඔවුන්ගේ අධ්‍යනය සඳහා පාදක වී ඇත.

ඒ අනුව මෙම පර්යේෂකයන් එම චුයින්ගම් කැබැල්ල වසර පන්දහසක පමණ අතීතයකට අයිතිකම් කියන බව හඳුනා ගෙන ඇති අතර එය නිෂ්පාදනය කරන ලද්දේ “බර්ච් ” මැලියම් යොදා ගෙන බැව් අනුමාන කරනු ලැබේ. මෙම බර්ච් මැලියම් එක්‌තරා ආකාරයකින් දන්තාබාධයන්ට ගුණ ලබා දෙන ඔසුවක්‌ විය. විදුරු මස්‌ ආශ්‍රිත ආසාදනයන්ට ඉතා ගුණදායක ඖෂධයක්‌ ලෙසින් බර්ච් පොතු සැලකන ලදී. එමෙන්ම මැටි භාණ්‌ඩ ඇලවීම සඳහාත් මෙම මැලියම් යොදා ගෙන ඇත.

1848 වසරේදී “ජෝන් බේකන් කර්ටිස්‌ ” විසින් ස්‌පෘස්‌ මැලියම් සමග පැරෆින් ඉටි යොදා ගෙන චුයින්ගම් නිෂ්පාදනය කරන ලදී. ඔහු විසින් පැරෆින් ඉටි මිශ්‍ර කරනු ලැබවේ මෙහි මෘදු බවක්‌ ඇති වීම සඳහාය. චුයිංගම් වෙනුවෙන් “ඒ. මෝස්‌ ටයිලර්” විසින් චුයිංගම් වෙනුවෙන් පේටන්ට්‌ ලබා ගත්තද ඔහු විසින් වාණිජ මට්‌ටමින් චුයිංගම් නිෂ්පාදනයට යොමු වූයේ නැත. අඟුරු සහ රටහුණු යොදා ගෙන චුයින්ගම් නිෂ්පාදනය වෙනුවෙන් “විලියම් ෆින්ලේ සෙම්පල් ” විසින් පේටන්ට්‌ බලපත්‍ර ලබා ගෙන තිබේ.

මේ අතර 1870 දශකයේදී ඇමරිකාව විසින් සමාජගත කරන ලද අදහසක්‌ අනුව ඡායාරූප ශිල්පියෙකු වූ තෝමස්‌ ඇඩම්ස්‌ විසින් රබර් වෙනුවට විකල්ප සොයමින් එක්‌තරා ශාක මැලියම් විශේෂයක්‌ කටේ දමා හපන විට ඔහුට ඇති වුණ අදහස අනුව මෙය රසකැවිලි වෙනුවෙන් යොදා ගැනීමට හැකි බව අවබෝධ විය. ඔහු නිව්යෝක්‌ නගරයේ චුයින්ගම් වෙනුවෙන්ම කර්මාන්තශාලාවක්‌ ආරම්භ කරන ලදී.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top