News

යාපනයේ ජනාධිපති මන්දිරය විකිණීමට ටෙන්ඩර් කැදවයි

යාපනය ජනාධිපති මන්දිරය විකිණීම සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමට ආණ්‌ඩුව තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා විය. රුපියල් කෝටි 350 ක අවම ලංසුවක්‌ යටතේ හෝටලයක්‌ ඉදිකිරීම සඳහා ජනාධිපති මන්දිරයට මෙසේ ටෙන්ඩර් කැඳවා ඇත.

යාපනය කන්කසන්තුරේ පිහිටි එම මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් 2012 වසරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.

අක්‌කර 100 ක භූමි ප්‍රදේශයක ඉදිවෙමින් තිබූ එම මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සියයට 90 ක්‌ පමණ අවසන් වෙද්දී මන්දිරය සඳහා ඇස්‌තමේන්තුගත කර තිබූ රුපියල් කෝටි 200 ක මුදල අවසන් වීම හේතුවෙන් එම කටයුතු අතරමග නතර විණි.

නාවික හමුදා සෙබළුන් 300 ක්‌ එහි ඉදිකිරීම් සඳහා සහභාගි වූ අතර කැබිනට්‌ රැස්‌වීම් ශාලාවක්‌, ශාරීරික සුවතා මධ්‍යස්‌ථාන දෙකක්‌, අංගසම්පූර්ණ විවේක කාමර සහ ශ්‍රවණාගාර වලින් මන්දිරය සමන්විත විය.

ජලය පිරිසිදු කිරීමේ යන්ත්‍ර 4 ක්‌ එකක්‌ රුපියල් මිලියන දෙක බැගින් වූ මිලකට විදේශයෙන් ආනයනය කර මන්දිරයේ සවිකර තිබිණි.

උපුටා ගැනීම දිවයින

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top