ලෝකය

එරිත්‍රියාවේ පිරිමින්ට කසාද දෙකක් අනිවාර්්‍යයයි නැත්තන් සිර දඩුවම්

පිරිමින් විසින් විවාහ දෙකක් කර ගත යුතු බවට නව පනතක් එරිත්‍රියා නැමති අප්‍රිකානු රටක සම්මත වී තිබේ.

මෙම නීතිය මගින් එරට පිරිමින් විවාහා දෙකක් සිදුකරගත යුතු අතර එයට අකමැති වන පිරිමි පුද්ගලයින් සිරගත කිරීමට මෙම නව පනත මගින් හැකියාව තිබේ.

එරට තුළ යුධමය තත්ත්වය විටින් විට ඇති වීම නිසා පිරිමි පුද්ගලයින් වැඩි වශයෙන් යුද්ධය සඳහා එක්වීම නිසා පිරිමි පුද්ගලයින් බොහෝ ප්‍රමාණයක් මරණයට පත්වේ.

එම හේතුව නිසා එරට පිරිමි ප්‍රතිශතය සීග්‍රෙයන් අඩුවීම නිසාත් ගැහැණු ප්‍රතිශතය වැඩිවීම නිසාත් මෙම නීතිය ගෙනැවිත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යම් හෙයකින් පළමු විවාහය සිදු කරගත් පිරිමි පුද්ගලයෙකු දෙවැනි විවාහයට කැමති වුවත්, පළමු බිරිඳ දෙවැනි විවාහයට කැමති නොවන්නේ නම් එම පළමු බිරිඳට සිර දඬුවම් ලබා දීමේ හැකියාව මෙම පනත මගින් ලැබී තිබේ.

අල්ජසීරා ඇසුරෙනි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top