ප්ලාස්ටික් සැත්කම් යනු පුද්ගලයෙකුගේ පෙනුම හෝ දේහයේ ක්‍රියාකාරීත්වය වෙනස් කර ගැනීම සදහා විවිධ ශෙල්‍ය වෛද්‍ය හා ශෛල්‍ය වෛද්‍ය නොවන උපක්‍රම භාවිතා කරමින් සිදුකරන වෛද්‍ය විද්‍යාවේ විශේෂ වූ අංගයකි. මේවා කෙනෙකුගේ රූප සෝභාව වර්ධනය කරගැනීමට හෝ යම් අවයවයක් යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා සිදුකරගනු ලබන සැත්කමක් විය හැකිය. පෙනුම වර්ධනය කරගැනීම සඳහා මෙම සැත්කම් සිදු කරී මේදී බාහිර රූප සෞන්දර්යය කෙරෙහි පමණක් අවධානය යොමු කෙරේ.
මේ නිසා ප්ලාස්ටික් සැත්කම් ඇතැම් අවස්ථාවලදී රූ වඩවන ශල්‍ය කර්මයක් යන වැරදි තේරුම් ඇතිව ව්‍යවහාර වේ. ඇතැම් අවස්ථා වලදී රූවඩවන හා ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන අංග දෙකම ඉටු කරන සැත්කම්ද සිදු කෙරේ. ප්ලාස්ටික් යන වචනය ප්ලාස්ටිකොස් යන ග්‍රීක වදනින් බැදී එන්නකි. මෙය ෙවනස් කිරීම හෝ හැඩ කිරීමයෙන අරූත් දේ. පොලිමර් ද්‍රව්‍යයන්ගෙන් සෑදුනු අප එදිනෙදා භාවිතා කරන ප්ලාස්ටික් සමග මෙහි කිසිදු සබඳතාවයක් නොමැත. ප්ලාස්ටික් සැත්කම් සිදුකරන වෛද්‍ය වරු සිරුරේ ඇට, කාටිලේජ්, පේෂි, මේදය හා සමෙහි හැඩගැන්වීම් සහ වෙනස් කම් ඇති කරති.
නිර්මාණාත්මක ප්ලාස්ටික් සැත්කම්
මේවා පහත සඳහන් අවස්ථාවලදී සිරුරේ ක්රියාකාරීත්වයේ සිදුවන වෙනස්වීම් යථාතත්ත්වයට ලත්කරගැනීම සඳහා සිදු කෙරේ.
පිලිස්සීම
මුහුණේ අස්ථි බිදීයාම වැනි අනතුරු නිසා වන තුවාල
උපතේදී පිහිටන අසාමාන්‍යතා
නොයෙක් රෝග හෝ ආසාදන නිසා වන වෙනස් වීම්.
පියයුරු පිලිකා වලදී, හිසෙහි හා ගෙලෙහි ඇති වන පිලිකා හා බඩවැලෙහි වූ පිළිකා
ඉහත කී සැත්කම් සාමාන්‍ය යෙන් සිදු කරනු ලබන්නේ දේහයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම සඳහා වුවද සාමාන්‍ය පෙනුම ආසන්න වශයෙන් හෝ ලබාදීම සඳහා ද ඒවා සිදුකෙරේ. මෙම සැකත්කම් සඳහා රක්ෂණාවරණයක් සිදුකරන අතර අදාල සැත්කමට අනුව එය විවිධ වේ.
මෙලෙස බහුලව සිදු කරන ශල්‍ය කර්ම වන්නේ පියයුරු පිලිකා වලදී පියයුරු ඉවත කල පසු ඒවා නැවත පෙර පරිදිම යථා තත්ත්වයට පත් කිරීම සිදු කරන ශල්‍ය කර්ම , තල්ලෙහි හා තොල් වල ඇති වන විකෘත්ති තා, අධිකව පිලිස්සීම නිසා සිදුවන විකෘති, උපතින්ම බාහිර කන පිහිටා නොමැති රෝගීන්ට එය නැවත යථාතත්ත්වයට පත් කිරීම සහ හිසෙහි හා ගෙලෙහි සැත්කම් මගින් ඇති වන හිදස් පිරවීම සඳහා වන සැත්කම්ය.
සිරුරේ කැළල වැසීම සදහා අදාල ස්ථානයේ පටක කොටස් නොමැති වූ විට ශල්‍ය වෛද්‍ය වරුන් ක්ෂුද්‍ර සැත්කම් ක්‍රම භාවිතා කෙරේ. මෙහිදී සම පේශී, ඇට , මේද, සහිත වූ පටක කොටස් ඉවත් කොට ඒවා දේහයේ වෙනත් ස්ථානයක මිලිමීටර් 1 – 2 ප්‍රමාණයේ ධමනි ශිරා සහිත රුධිර සැපයුම සමග බද්ධ කිරීම සිදුකෙරේ.