දැනුම

‘යුනෝ’ ගවේෂණ යානයෙන් විස්මිත රූපාවලියක් බ්‍රහස්පති ග්‍රහයා වටා කැරකෙන අද්භූත මුතු වැලක්

නාසා ආයතනය විසින් අභ්‍යවකාශ ගත කරන ලද යූනෝ ගවේෂණ යානය විසින් ගනු ලැබ පොළොවට එවුණු ඡායාරූප අතර බ්‍රහස්පති ග්‍රහයා වටා පැයට සැතපුම් 1,29,000ක වේගයෙන් භ්‍රමණය වන වර්ණවත් මුතු වැලක් වැනි කුණාටු අටක් දැක්වෙන ඡායාරූපයක්ද වෙයි. එය බෙහෙවින් චිත්තාකර්ෂණීය එමෙන්ම අතිශය අද්භූත දර්ශනයක් සේ හැඳින්වෙයි. ඔක්තෝබර් 24 වැනිදා යූනෝ යානයට එම දර්ශනය ග්‍රහණය වූයේ යානය බ්‍රහස්පති ග්‍රහයාට සැතපුම් 20,577ක් ඉහළින් ගමන් කරද්දීය.

ඔරලෝසුවේ කටු ගමන් කරන අතට විරුද්ධ දිශාවට බ්‍රහස්පති ග්‍රහයාගේ දක්ෂිණාර්ධගෝලය වටා භ්‍රමණය වන එම කුණාටු ධාරාව සුදු පැහැති බවත් ඕවල හැඩයෙන් යුක්ත බවත් නාසා ආයතනය ප්‍රකාශ කරයි. එම ඡායාරූප නාසා ආයතනයේ ජෙරල්ඩ් ඊස්ටඩ් හා සියාන් ඩෝරාන් යන විද්‍යාඥයන් විසින් වර්ණාවලික්ෂ ක්‍රියාදාමයකට භාජන කැරුණු විට එම කුණාටු ධාරාවල වර්ණ පැහැදිලිව දෘශ්‍යමාන විය.

1986දී පළමුවෙන්ම දකින්නට ලැබුණු මෙම ඕවල හැඩයේ වායුගෝල ගණන හයේ සිට නවය දක්වා කෙමෙන් වැඩිවූ අතර දැනට දෘශ්‍යමානව පවත්නේ අටක් පමණකි. මෙහි දැක්වෙන ඡායාරූපය නොබෝදා නාසා ආයතනය විසින් නිකුත් කරන ලද ඡායාරූපවලින් එකකි.

වර්ණ තීව්‍ර කරන ලද මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ බ්‍රහස්පති ග්‍රහයා මත සුළි කුණාටුවකි. මුතුවැල් වශයෙන් හැඳින්වෙන කුණාටු දහරාවේ එක් ගෝලයක්ද මෙහි සුදු පැහැයෙන් දැක්වෙයි. නොවැම්බර් 10 වැනිදා නිකුත් කරන ලද තවත් ඡායාරූපයකට ‘මුතුවැලේ’ තවත් ‘මුතු ඇටයක’ සමීප දර්ශනයක් ඇතුළත් වුණු අතර එය චැන්ගොගේගේ සුප්‍රකට ‘තරු පිරුණු රාත්‍රිය’ නමැති චිත්‍රපටයට සමාන යැයි නාසා ප්‍රකාශ කරයි. යූනෝ යානය සෑම දවස් 53කටම වරක් පැය කීපයකට පමණක් බ්‍රහස්පති ග්‍රහයාට සමීප වෙයි. ග්‍රහයාගේ ඡායාරූප ගැනීමට යූනෝ යානයට හැකි වන්නේ ඒ පැය කීපයේදීම පමණකි.

යූනෝ ගවේෂණ මෙහෙවර

පොළොවෙන් නිකුත් වූ යූනෝ යානය සැතපුම් කෝටි 180ක මඟ ගෙවා වසර පහකට පසු ගත වූ වසරේදී බ්‍රහස්පති ග්‍රහයාට සමීප විය. සාර්ථක මෙහෙයුම අනුව යූනෝ ගවේෂණ යානය දැන් බ්‍රහස්පති ග්‍රහයාගේ කක්ෂයට ඇතුළුව ග්‍රහයාගේ සිට සැතැපුම් 3,100ක (කි.මී. 5,000) දුරින් ඒ වටා ගමන් කරයි. දෙසතියකට වරක් යූනෝ යානය බ්‍රහස්පති ග්‍රහයාගේ වලාකුළු ස්තරයේ සිට කි.මී. 4,200ක දුර ප්‍රමාණයට පිවිසෙන නමුත් ග්‍රහලෝකය සම්පූර්ණයෙන් තනි ඡායාරූපයකට ග්‍රහණය කරගැනීමට එය ළඟ වැඩිය.

මීට කලින් යවන ලද අභ්‍යවකාශ යානා කිසිවක් බ්‍රහස්පති ග්‍රහයාට යූනෝ තරම් සමීප නොවූයේය. කලින් යැවුණු යානා දෙකක් බ්‍රහස්පති ග්‍රහයා මත වායුගෝලය තුළ විනාශ විය. සිය අවදානම් සහගත ගවේෂණ මෙහෙවර සම්පූර්ණ කිරීම සඳහා යූනෝ යානය බ්‍රහස්පති ග්‍රහයාගේ චුම්බක ක්ෂේත්‍රයෙන් නිපැයෙන ‘පරිපථ දහන විකිරණ කුණාටුවට’ ඔරොත්තු දිය යුතුය. ආලෝකයේ වේගයට සමීප වේගයකින් ගමන් කරන අධිබලැති අංශු දහරා සෞරග්‍රහ මණ්ඩලය බද පරිසරයේ කටුකතම විකිරණ දහරාය.

ඒ තත්ත්වයට මුහුණ දීම සඳහා අභ්‍යවකාශ යානය එම විකිරණ දහරාවලට ඔරොත්තු දෙන රැහැන් පද්ධතියකින් හා සංවේදී ආරක්ෂකාවරණයකින් සුරක්ෂිත විය යුතුය.

අභ්‍යවකාශ යානයක මොළය වශයෙන් සැලැකෙන්නේ එහි පරිගණකයයි. එය ටයිටේනියම් ලෝහයෙන් නිර්මිතය. බරින් රාත්තල් 400 (කි.ග්‍රෑ. 172) පමණ වන කුටියක තැන්පත් කරනු ලැබේ. නාසා ආයතනය යූනෝ යානය විසින් ග්‍රහණය කර ගැනෙන ප්‍රතිබිම්බ සියල්ල පරිගණක ගත කරන අතර බ්‍රහස්පති ග්‍රහයා වටා භ්‍රමණය වන ‘මුතු වළල්ල’ කෙරෙහි නාසා ආයතනය සුවිශේෂී සැලකිල්ලක් දක්වා ඇති බව පෙනේ. නාසා ආයතනය එය ‘ට්විටරයට’ ඇතුළත් කර ඇත.

බ්‍රහස්පති ග්‍රහයා වටා භ්‍රමණය වන චන්ද්‍රයන් සමූහයෙන් විශාලතම චන්ද්‍රයන් දෙදෙනාගේ ඡායාරූපද යූනෝ යානය විසින් ග්‍රහණය කරගෙන ඇති අතර යථෝක්ත ‘මුතු වළල්ල’ හා වෙනත් ප්‍රතිබිම්බ පොළොවට එවන ලද්දේ ඒවා ග්‍රහණය කරගැනීමෙන් මසකට පමණ පසුවය.

බ්‍රහස්පති ග්‍රහයාගේ විශාලතම චන්ද්‍රයන් දෙදෙනා ‘ඉයෝ’ (ධ්ධ) සහ ‘යුරෝපා’ (ඡ්භපධනච) යනුවෙන් හැඳින්වෙන අතර, යුරෝපා චන්ද්‍ර පෘෂ්ඨයට යටින් තිබෙන සාගරය, පිටසක්වළ ක්ෂුද්‍ර ජීවීන්ගේ වාසයට සුදුසු පරිසරයක් සේ සැලැකෙන හෙයින් එම ජීවීන් පිළිබඳ ගවේෂණයේ ඉලක්කය වශයෙන්ද සැලැකෙයි.

උපුටා ගැනීම මව්බිම

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top