බොහෝ කාන්තාවන්ට ඇති එකම ප්රශ්නය හා වද වෙන ප්රශ්නය වෙන්නේ ලස්සන වීම නේ…ඒ සඳහා සමහරක් අවස්ථා වලදි ඔවුන් විශාල වශයෙන් මුදල් ද වියදම් කරනවා.ඉතින් මෙච්චර වද වෙන ඔයාලගේ ප්‍රශ්නයට දෙන්න පුළුවන් හොඳම විසඳුම් කීපයක් ඉදිරිපත් කිරීමට තමයි මේ සුදානම් වෙන්නේ.

මේ හෙයාර් බැන්ඩ් එක පාවිච්චි කරලා ඔයාගේ කොණ්ඩේ පහසුවෙන්ම කර්ල් කරගන්න ඔයාට පුළුවන්. රාත්‍රියේදි පැය කීපයක් මෙලෙස කොණ්ඩය බැඳ තැබීම පමණයි ඔබ කල යුත්තේ.
කොණ්ඩය මුල සිට අගටම මනා ලෙස පිරීම සිදු කල යුතුයි. එවිට ඔබේ කොණ්ඩයට දිස්නයක් ලැබේවි.
කොණ්ඩයේ ඝනකම මෙම හෙයාර් ඩයි හෝ හෙයාර් කලර් භාවිතා කිරිමෙන් අවම කරගත හැකියි.
සැම විටම ඔබේ කොණ්ඩය කැපීමේදි හෙයාර් ස්ටයිලිස්ට්ව ඔබට අවශ්‍යම විලාසිතාව කුමක්ද යන්න පහදා දැනුවත් කරන්න. මේ සඳහා ඔබට විලාසිතා ඡායාරූප ද භාවිතා කල හැකියි.
සිග් සැග් ක්‍රමයට කොණ්ඩය කැපීමෙන් කොණ්ඩය අග තුනි වීම් සඟවා අමුතුම ආලෝකයක් ඔබේ කොණ්ඩයට ලබා දිය හැකිය.

කොණ්ඩය පිරීමේදී කොණ්ඩ ගස් ගැලවීම වැලැක්වීම සඳහා හෙයාර් ස්ප්‍රේ එකක් භාවිතා කොට මස්කාරා බ්‍රෂ් එකකින් කොණ්ඩය පීරන්න.

අයි බ්‍රවුස් ප්ලග් කිරීමට පෙර ඔබේ මුහුණේ සම උණුසුම් ජලයෙන් තෙමා මෘදු කරගන්න.මේ සඳහා ඔබට කොට්න් රෙදි කැබැල්ලක් භාවිතා කල හැකියි.
මුළු ඇහි බැමම පාට නොකරන්න. අවශ්‍ය තැන් හි පමණක් සුළුවෙන් වර්ණ භාවිතා කරන්න.
අයි බ්‍රවුස් සඳහා පැන්සල භාවිතා කරන විට පැන්සලෙහි උල් පෙදෙස වෙනුවට පැතලි පෙදෙස භාවිතා කරන්න.
ඉක්මනින් ඇහි බැම වැඩේ නම් ස්ප්‍රේ එකක් භාවිතා කොට ඇහි බැම පිළිවෙලකට එක් පැත්තකට සකසා ගන්න.
ඔබට මේක් අප් එකක් සුළුවෙන් හෝ දැමීමට වේලාවක් නොමැතිනම් ඔබේ අයි බ්‍රවුස් ගැන නිසි සැලකිල්ලක් දක්වන්න..එමගින් ඔබේ මුහුණේ විශේෂ හැඩයක් ඇති කර හැකියි.

නිතරම මුහුණ ඇල්ලීමෙන් වලකින්න. අත්‍යවශ්‍යම හේතුවකට ඇරෙන්නට මුහුනේ සම ඇල්ලිමෙන් අතේ ඇති බැක්ටීරියා සමට වැදිය හැකියි.
ඔබ භාවිතා කරන මේක් අප් බ්රශස් නිතරම පිරිසිදුව තබා ගන්න.ඒවා හි කුණු ඇල්ලීමෙන් වලකින්න.ඒවා නිතර සේදුම් කාරක මගින් සෝදා වේලා පිරිසිදුව තබා ගන්න.

ඔබේ මේක් අප් භාණ්ඩ නිතර බෑගයක දමා ආවරණය කොට පිරිසිදුව තබා ගන්න.

වැඩි කාලයක් තොල් ආලේපන තොලෙහි රඳවා ගැනීම සඳහා තොල් ආලේපන ගැල්වීමෙන් පසු ටිෂු කඩදාසියක් මගින් තොලෙහි පවුඩර් ස්වප්යක් තවරන්න.
ගැලපෙන තොල් ආලේපන හා දවස පුරා පවතින සුළු වර්ණයක් තොල් ආලේපන සඳහා භාවිතා කරන්න.
ලේ ගමනාගමනය සඳහා ඔබේ තොල් නිතර නිතර මසාජ් කොට තබන්න.එමගින් තොල් වියැලීමද වැලකේ.
ලයිට් කලර් ලිප් පෙන් එකක් භාවිතා කොට ඔබේ තොල් පෙති වලට අමතර වර්ණයක් එකතු කරගන්න.
මිල අඩු ආලේපන සමට යෙදීමෙන් වලකින්න.
මෙම ක්‍රියා සියල්ල ඔබ අනුගමනය කිරීම තුලින් ඔබේ අලංකාරත්වය තව තවත් දියුණු කරගත හැකිය.