දැනුම

නීරෝගි කෙස් කලබක හිමිකාරියක් වීමට රහස් 20 ක්

සුවැති කෙස් කලඹක් ලබාගැනීම කාන්තාවන් සැමදෙනාටම ඇති සිහිනයක්. නමුත්, විවිධ කායික හේතූන් මත මෙන්ම, නොසැලකිලිමත් කම මත, සෞඛ්‍ය සම්පන්න බව කෙස් කලඹ හැරයාම සිදුවෙනවා. ඔබ දන්නවාද ඇතැම් ඉඟි සහ රහස් සුවැති කෙස් කලඹක් ලබා දීමට ඔබට උදවු වෙනවා කියලා? සුවැති කෙස් කලඹක් සඳහා රහස් 20 ක් මෙහි සඳහන් වෙනවා. ඒවා අනුගමනය කිරීමෙන් ඔබගේ කෙස් කලඹත් සෞඛ්‍ය සම්පන්න කරගන්න පුලුවන්.

ඔබගේ හිසකෙස් සහ හිසේ සම වියලි (Dry) නම්, දිනපතා හිසට ෂැම්පු (Shampoo) දැමීම අවශ්‍ය නොවේ.

ඔබගේ හිසකෙස් සහ හිසේ සම තෙල් සහිත (Oily) නම්, දිනපතා හිසට ෂැම්පු දැමීම කලයුතු වේ.

ඔබගේ හිසේ සම මතුපිට පොතු ගැලවේ නම් සහ හිසකෙස් අතර පොතු රැඳී පවතී නම්, දිනපතා ෂැම්පු භාවිතා කරන්න.

ෂැම්පු ගැල්විය යුත්තේ හිසේ සම මතුපිට පමණි. ඔබගේ මුලු කෙස් කලඹෙහිම ෂැම්පු ගල්වන්න එපා.

කන්ඩිෂනර් (Conditioner) ගැල්වීම කල යුත්තේ ෂැම්පු සෝදා හැරීමෙන් අනතුරුවය. එය යෙදිය යුත්තේ හිසකෙස් වල අග්ගිස්සට පමණි. එය මුලු කෙස් කලඹෙහිම හෝ හිසේ සමෙහි ආලේප නොකරන්න.

ඔබගේ හිසකෙස් වලට සහ හිසෙහි සමට වඩාත්ම ගැලපෙන ෂැම්පු සහ කන්ඩිෂනර් වර්ග තෝරා ගන්න.

හැකිතරම්, හිස්කෙස් වියලන උපකරණ (Hair dryers) සහ රත් කරන රූපලාවන්‍ය උපකරණ (Heated styling tools) භාවිතයෙන් වලකින්න. හිසකෙස් වියලි තුවායකින් පිසදමා වියලා ගන්න. නැතහොත්, මද පවනේ වියලෙන්නට හරින්න.

හිසකෙස් අවු රශ්මියට නිරාවරණය වීමෙන් වලක්වා ගන්න.

නිතර නිතර පනා වලින් හිස පීරන්න එපා. ඒ වගේම, තදින් හිස පීරන්නත් එපා.

හැකිතරම්, ඔබගේ හිසකෙස් වර්ණ ගැන්වීමෙන් වලකින්න.

හිසකෙස් වර්ණ ගැන්වීමට අවශ්‍ය නම්, ඇමෝනියා රහිත වර්ණක තෝරා ගන්න.

ඔබට දිගු කෙස් කලඹක් තිබේ නම්, නිතර කොණ්ඩය බැඳ තබන්න එපා. ඔබගේ කොණ්ඩය නිදහසේ එල්ලා වැටෙන්නට හරින්න.
නිතර හිසෙහි සම සම්භාහනය කරන්න.

සෑම සති 6 කට වරක් ඔබගේ කෙස් කලඹෙහි අග්ගිස් කපා දමන්න (Trim).

අනවශ්‍ය ලෙස ඔබගේ කෙස් කලඹ අදින්න එපා.

පිහිනන සැමවිටම තද පිහිණුම් හිස් වැස්මක් භාවිතා කරන්න. එමගින් ක්ලෝරින් සහිත ජලයෙන් හිසකෙස් වලට වන හානිය වැලකෙනවා.‍

ඔබට ඇත්තේ සෘජු කෙස් කලඹක් (Straight hair) නම්, එය කැරලි සහිත කෙස් කලඹක් (Curly hair) කරන්න එපා. එමෙන්ම, ඔබට ඇත්තේ කැරලි සහිත කෙස් කලඹක් නම්, එය සෘජු කෙස් කලඹක් කරන්න එපා.

සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් අනුභව කරන්න.

මානසික ආතතිය පාලනය කරගන්න.

ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top