News

ගුවනින් යා හැකි මෝටර් රථයේ පලමු ගමන සාර්තක වෙයි

ගුවනේ යා හැකි කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් ස්ලෝවැකියාවේ දී සාර්ථකව එහි පළමු ගමන නිමකර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ එම රථය නිට්‍රා සහ බ්‍රැටිස්ලාවා ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් අතර විනාඩි 35ක කාලයකින් ගුවනින් ගොස් තිබුණි.

එම හයිබ්‍රිඩ් රථය “එයා කාර්” ලෙස හඳුන්වා ඇති අතර එහි එන්ජිම බී එම් ඩබ්ලිව් වර්ගයේ වන අතර භාවිත කරන ඉන්ධනය පෙට්‍රල් ය.

එහි නිර්මාතෘ මහාචාර්ය ස්ටෙෆාන් ක්ලේයින් පැවසුවේ එම ගුවන් මෝටර් රථයට කිලෝ මීටර් 1,000ක් පමණ දුරක් මීටර් 2,500ක් පමණ ඉහළින් එකවර ගමන් කළ හැකි බවය.

මෝටර් රථය ගුවන් යානයක් ලෙස වෙනස් වීමට විනාඩි 2යි තත්පර 15 ගතවේ.

 

 

උපුටා ගැනීම – අද දෙරන

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top