දැනුම

හිසකෙස් ආරක්ෂා කරගන්න මේ ලිපිය කියවන්න

කාර්ය බහුල ජිවිත ගත කරන බොහෝ දෙනෙක් නොදන්නා කමට ගොඩක් ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා.

ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා රෑට නාන්න ඒ දවල්ට පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන්.

කෙසේ වෙතත් ඔබ දන්නවාද තෙත කොණ්ඩය පිටින් නින්දට යාම එතරම් හොඳ දෙයක් නොවන බව.

ඔබ තෙත කොණ්ඩය පිටින් නින්දට ගියොත් ඔබට රෝග ගොඩක් වගේම අතුරු ආබාධ ද ගොඩක් වැළදෙන්න පුළුවන්.

මේ ලිපිය බැලුවහම ඔබට වැටහේවි කොණ්ඩය වෙලාගෙන නින්දට යාම හොඳයි කියලා.

කෙස් අග පැලීම

ඔබ නින්දේ සිටින අවස්ථාවේදී හිස කොට්ටය මත එහා මෙහා කිරීමේදී කෙස් හා කොට්ට උරය එකට ඇතිල්ලීමෙන් බොහෝ විට තෙත කොණ්ඩයේ අග පැලීම සිදු විය හැකි.

බැක්ටීරියා ආසාදනයට ලක්වීම

ඔබගේ දහඩිය, සමෙන් නිකුත් වන තෙල් හා මැරුණු සෛල, කොට්ට උරය මත තැවරීම හේතුවෙන් කොට්ටය තුල බැක්ටීරියා වර්ධනයට වීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

එහිදී තෙත් වූ ඔබේ හිසකෙස් එකතුවීමෙන් බැක්ටීරියා වර්ධනයට වන අතර ඒ හේතුවෙන් ඔබේ හිස බැක්ටීරියා ආසාදනයන්ට ලක්වීමේ හැකියාවක් පවතිනවා.

රාත්‍රිය මැද දී හිසරදය ඇතිවීම

තෙත කොණ්ඩය සහිතව නින්දට යාමේදී සමහර අවස්ථාවල දැඩි හිසරදයක් ඇති විය හැකි.

එලෙස සිදුවීමට හේතු වන්නේ ඔබ නින්දේ මුල් අවධියේ සිටින අවස්ථාවේදී ඔබගේ කාමර උෂ්ණත්වයට සරිලන ලෙස ශරිරයේ උෂ්ණත්වය අඩු වී, නැවතත් නින්දේ මීළඟ අදියර වන විට ශරීර උෂ්ණත්වය ස්වාභාවිකව වැඩිවීමයි.

ඔබගේ ශරීර උෂ්ණත්වයේ සිදුවන මෙම වෙනසට අනුව තෙත් වූ හිසේ උෂ්ණත්වය වෙනස් වීම සිදු නොවන නිසා රාත්‍රිය පුරාම දැඩි හිසරදයකට ලක්වීමට හැකියාව පවතිනවා.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top