News

නෙළුම් කුළුණ හදන්න චීනයට දුන් බිලියන දෙකට මොකද වුනේ..? ජනපති කළ ප්‍රකාශයට පිළිතුරු

කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා ALIT නැමති චීන සමාගමකට 2012 වසරේදී රුපියල් බිලියන දෙකක අත්තිකාරමක් ගෙවා තිබුනද චීනයේ එවැනි සමාගමක් නොමැති බවත්, ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් අදාල සමාගමට ලබාදුන් රුපියල් බිලියන දෙකක මුදලට සිදුවූ දෙයක් පිළිබඳව ද කිසිදු වාර්තාවක සඳහන් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.

ඊයේ (16) පැවති කොළඹ නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ එවකට අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ අනූෂ පැල්පිට සිය නිළ ෆෙස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ අදාල ප්‍රකාශය නිවැරදි තොරතුරු ලබා ගැනීමකින් තොරව ප්‍රකාශ කර ඇති බව පැහැදිලි වන බවයි.

එම ප්‍රකාශය පහතින්.

නෙළුම් කුළුණ විවෘත කිරීමේදී ජනාධිපතිතුමා විසින් බිලියන 2 ක අත්තිකාරම් මුදලක් ALIT සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීනයේ නොමැතිබව නිවැරදි තොරතුරු ලබා ගැනීමකින් තොරව ප්‍රකාශ කර ඇති බව පැහැදිලි වේ.

නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග චීන සමාගම් දෙකක් ඒකාබද්ධ වී කටයුතු කරන ලදී එම සමාගම් දෙක නම් national electronics import and export corporation (CEIEC) සහ aerospace long march international trading company (ALIT). සමාගම් දෙකට ඉදිකිරීම සඳහා දෙදහස් 10 ඔක්තෝම්බර් 29 වෙනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

නෙළුම් කුලුනේ ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීනයට ගිය අවස්ථා කිහිපයකදීම ALIT සමාගමේ සභාපති වරයා ඇතුළු සමාගමේ අනිකුත් සාමාජිකයන් සමඟ මොරටු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් ද ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන්ට සාකච්ඡා කර ඇත.. මේ පිළිබඳ සියලු දත්ත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව ඇති බව මම දනිමි. එහි නිලධාරීන් විසින් මෙය නිවැරදි කළ යුතු ඇත.

ALIT සමාගමේ සභාපති වරයා ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති එවකට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්. ගෝඨාභය ජයරත්න මහතා සමඟ චීනයේ බීජිං නුවර ALIT ප්‍රධාන කාර්යාල තුළදී සාකච්ඡා කරන අවස්ථාවේ ගත් ඡායාරූපයක් ද මෙහි පළ කර ඇත

Image may contain: 2 people, people sitting, table and indoor

Image may contain: text

අනිත් අයටත් කියවන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top