වසර දහයකට පෙර පියාගේ වෙන්වුණු අත වෙනුවට කෘත්‍රිම අතක් නිපදවීමට මුලතිව් මල්ලාවී ප්‍රදේශයේ තරුණයෙකු සමත් වී තිබෙනවා.
එස්.දුෂ්‍යන්තන් නැමති මෙම තරුණයා විශ්ව විද්‍යාල සිසුවකු වන අතර ඔහුගේ පියාගේ අත ටැක්ටරයක කොටසකට හසු වී මීට වසර දහයකට පෙර දරුණු ලෙස තුවාල වී තිබුණා.
කනපතිපිල්ලේ පද්මනාදන් නැමති එම පියාගේ අත රෝහලේදී ශල්‍ය කර්මයක් මගින් කපා ඉවත් කිරීමට සිදු වුණා.
සිය පියාට කෘත්‍රිම අතක් සවි කිරීමට ගිය අවස්ථාවේදී ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය වූ නිසා කෘත්‍රිම අතක් සවි කිරීම පද්මනාදන් ගේ පවුලේ උදවියට සිහිනයක් වී තිබුණා.
පද්මනාදන්ගේ පුතා වූ දුෂ්‍යන්තන් එදා සිටම උත්සහ කොට ඇත්තේ කෙසේ හෝ සිය පියාට කෘත්‍රිම අතක් නිෂ්පාදනය කිරීමටයි.
මේ පිළිබදව ඉතා දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමෙන් පසුව ඔහුට සිය පියා වෙනුවෙන් කෘත්‍රිම අතක් නිෂ්පාදනය කොට සිය පියාට සවි කිරීමට හැකි වී තිබෙනවා.




අනිත් අයටත් බලන්න share කරන්න
උපුටා ගැනීම Neth News