මීට දින කිහිපයකට පෙර සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් වූ හුණුගල් පොකුණු වසර මිලියන ගනනක් පැරණි ඉතා වටිනා හුණුගල් පොකුණුට සිදුවන අවාසනාවන්ත ඉරණම ගැනයි මේ.ඉතිං අපි අපේ දේවල් රැකගනිමු ආරක්ෂා කරලතයුතු නොවේද ? එය පමණක් නොවෙයි වටිනාකමක් ඇති සියලු දේ අප රැකගත යුතුයි
බළන්ගොඩ රජවක රක්ෂිතයේ තංජන්ගැන්න ගල්ලැල්තොට ප්‍රදේශයේ හමුවූ හුණුදිය පොකුණු පිළිබඳ සමාජ ජාලා හරහා ප්‍රසිද්ධ වීමත් සමඟ එය නැරඹීමට සඳහා අවිධිමත් ආකාරයෙන් රක්ෂිතයට ඇතුලූවන්නන් නිසා විශාල පරිසරහානියක් සිදුවෙමින් පවතින බව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මහජනතාවට එම හුණුදිය පොකුණු නැරඹීම සඳහා විධිමත් වැපිළිවෙලක් සකස් කරන තුරු ඒවා නැරඹීමේ අරමුණින් හෝ ඒ ප්‍රදේශයට ඇතුලූ නොවන ලෙසයි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගේ ඉල්ලා සිටින්නේ. එසේම යම් හෙයකින් එම උපදෙස් නොතකා රක්ෂිතයට ඇතුලූවන සියලූ දෙනාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමගින් කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මෙම ප්‍රදේශය පුරාම හුණුගල් නිධියක් ඇති අතර එම හුණුගල් නිධිය ආශ්‍රිතව ගල්ලැල්තොට ප්‍රදේශයේ හුණුගල් පොකුණු කිහිපයක් මතුව තිබෙනවා. අනවසරයෙන් එහි ඇතුලූවූ පිරිසක් විසින් එම හුණුගල් පොකුණුවල ඡායාරූප සහ තොරතුරු සමාජ ජාල වෙබි අඩවි වල ප්‍රසිද්ධ කිරිමෙන් පසු විශාල පිරිසක් එය නැරඹීමට ගොස් ඇති අතර මේ හේතුව නිසා වසර මිලියන ගණනක් පැරණි යැයි විශ්වාස කරන මෙම හුණුගල් පොකුණු මෙන්ම ඒ අවට පරිසරයත්, ඊට ඇතුලූවන මාර්ගත් විශාල වශයෙන් විනාශ වෙමින් ඇති බවයි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඒ අනුව මේ වනවිට මෙම හුණුගල් පොකුණු සහ ඊට පිවිසෙන මාර්ගවල බියර් ටින්, බෝගල්, පොලිතීන් ප්ලාස්ටික වැනි පරිසරයට හානිවන නොදිරණ අපද්‍රව්‍ය බැහැර කර ඇති බවද වාර්තා වුනා.

හුණුගල් පොකුණ(Video)
හුණුගල් පොකුණ චාරිකාවක්..යන්න….. පරිසරය නරඹන්න..බලන්න….. පරිසරයට හානියක් නොවෙන්න..එන්න….. තිරිසනුන්ට වඩා උසස් මොළයක් ඇති මනුස්සයෙක් විදිහට…අපේ මේ පුංචි රට ඇතුලෙ ඇස නොගැටුන තැන් ඕනෙ තරම්..ඒත් දැන් ගොඩක් අය ඉස්සර වගේ දැනුවත් කිරීම් කරන්නෙ නෑ..මොකද , අපේ අය බස් පිටින් , නඩ පව්ටවන් ගිහින් ඒ පරිසර පද්ධතීන් කාලා විනාශ කරලා එන්නෙ..කොටින්ම ඒ අවට මිනිස්සුන්ටවත් තමගෙ රැස්පට් පෙන්නලා එන්නෙ… එක මොහොතක් , කුඩා කාලයක් වැයකරල සිතන්න.. අපිට කලින් ගියපු අය මේ තැන් පරිස්සම් කරපු නිසා නේද අපිත් බලන්න යන්නෙ…අපෙන් පස්සෙ අයටත් මේවා බලන්න ඕනෙ නේද කියන එක… අපේ පරිසරය විනාශ කරන්නෙ අපි මිසක් , කැලේ ඉන්න සත්තු නෙමෙයි..
Posted by Chathura Wimalasena on Sunday, August 25, 2019
අනිත් අයවත් දැනුවත් කරන්න අනිවා share කරන්න