News

මට අසනීපයක් නෑ.සමාජජාල වල පැතිරෙන කට කතා වලට දමිත් අසංක පිලිතුරු දෙයි

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක සම්බන්ධයෙන් පසුගිය දවස්වල සමාජ මාධ්‍ය හරහා ආන්දෝලනාත්මක කතාබහට ලක්වුනා. කෙසේ වෙතත් පැතිර යන එම කතාබහ සම්බන්ධයෙන් ෆේස්බුක් ලයිව් හරහා දමිත් අසංක අද පිළිතුරු ලබා දී තිබුණා.

Image result for damith asanka

ඒ අනුව ඔහු අදහස් දක්වමින් කියා සිටියේ අතිශෝක්තියෙන් යුක්තව දමිත් අසංකව හයිලයිට් කරන්නවත්, දමිත් අසංකට අසනීපයක් තියෙනවා කියලා ඔප්පු කරන්න යන්නවත් ඔයගොල්ලො දඟලන්න එපා. ඒක කිසිසේත්ම ගැලපෙන්නෙ නැහැ යනුවෙනි.

එසේම තමන්ට යම් අසනීපයක් ඇත්නම් එය උණක්, කැස්සක්,හෙම්බිරිසාවක් වගේ සාමාන්‍ය දෙයක් බවත් එය තමන්ට දරා ගැනීමට සහ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට හැකි බවද ඔහු සඳහන් කළ ඔහු මෙලෙසද ප්‍රකාශ කළා.

මම සාමාන්‍යයෙන් බණ අහන මනුස්සයෙක්. මම ඒවට ගරු කරන මනුස්සයෙක්. ඒකෙත් මට තේරෙන ප්‍රමාණයක් තියෙනවා, ඒ තේරෙන ප්‍රමාණය මම තේරුම් ගන්නවා. විශේෂයෙන්ම මට බණ කියන්න එන්න එපා.

මම මගේ යාළුවන්ට කියන්න ඕන මම එහෙම ලොකු අසනීපයකින්, ලොකු මානසික අසහනයකින් ජීවත් වෙන මනුස්සයෙක් නෙමෙයි. රසික තදබදය කියන දේ ඕනම කළාකරුවෙකුට තියෙනවා.

සම්පූර්ණ වීඩියෝව පහතින්

බුදු සරණයි යාලුවෝ හැම දෙනාටම

Posted by Damith Asanka on Monday, August 26, 2019

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටා ගැනීම NethNews

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top