News

පසුගිය කාලයේ තමන්ට යුධ හමුදාවට ජනතාව තැබූ විශ්වාසයට ස්තූතියි – හිටපු යුධ හමුදාපති

වසර 38ක් සේවය සේවා කාලයකින් අනතුරුව විශ්‍රාම යන මොහොතේ තමා රට වෙනුවෙන් සිදු කල මෙහෙවර පිළිබඳ සෑහීමකට පත් වෙනවා ඒ වගේම මා කෙරෙහි මෙන්ම යුධ හමුදාව ගැන ජනතාව දැක්වූ කැමැත්ත ගැන මම ඔවුන්ට ස්තුතියි කරන බව හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.

Image result for mahesh senanayake

මහනුවර ශ්‍රී දළඳා මාලිගය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු අද (26) මෙම අදහස් පළ කර සිටියා.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියට ජනාධිපතිවරයා ගෙන්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හිටපු යුධ හමුදාපතිවරයා ගෙන් විමසා සිටි අතර එහිදී ඔහු කියා සිටියේ රටේ පුරවැසියෙක් ලෙස ජනාධිපතිවරයා එයට ඉදිරිපත් විය යුතු බවයි.

එමෙන්ම තමන්ටද ඉදිරියේදී කැඳවීමක් ලැබුනොත් යුධ හමුදා නීති අංශයේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව සහභාගිවන බව කියා සිටියා. ඒ සම්බන්ධයෙන් සැඟවීමට කිසිවක් නොමැති බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

පසුගිය කාලය පුරා යුධ හමුදාව කෙරෙහි මෙන්ම තමන් කෙරෙහි ජනතාව තැබූ කැමැත්ත සම්බන්ධයෙන් ස්තූතිය පිරි නමන බව පැවසු හිටපු යුධ හමුදාපතිවරයා, මෙය සිංහල බෞද්ධ රටක් බවත් එහි ඉන්නේ ශ්‍රී ලාංකීක නැමති පවුල බව කියා සිටියා.

මේ රටේ ජීවත් වෙන සිංහල, මුස්ලිම්, හින්දු යන ඕනෑම අයෙක් මේ පවුල තුළ සිටිය හැකි බවත් සිංහල ජනතාව සෑම විටම පවුලක තාත්තාගේ කාර්යභාරය ඉටු කළ යුතු බවත් තාත්තා නිරන්තරයෙන් පවුලේ සෙසු සාමාජිකයින් සමගියෙන් හා සංහිදියාවෙන් යුතුව ඔවුන් රැක ගත යුතු බවත් සඳහන් කළා.

විශ්‍රාම ගියත් තමාට තවමත් රටට සේවය කිරීමට ශක්තිය හා ජවය ඇති බවත් නිරන්තරයෙන් තමා රටේ ඉදිරි කටයුතු සඳහා එකතු වෙන බව කියා සිටියා. ඒ ඒ සඳහා පක්ෂයකට එක්වනවාද යන්න ගැන විමසූ විට හිටපු යුධ හමුදාපතිවරයා කියා සිටියේ දේශපාලනයට එන්නේ නැතිව ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් තමන්ට වැඩ කිරීමට හැකි බවයි.

යුධ හමුදාව ජනතාවගේ බවත් කිසිවිටෙකත් යුද හමුදාව පක්ෂයක් නියෝජනය නොකරන බවත් හමුදාවේ විනය තුළින් තමා සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දුන් බවත් තමාට ඇති ජවය අනුව ඕනෑම මොහොතක රට වෙනුවෙන් සේවය කිරීමට කැමති බවත් ඒ ගැන තමන් ජනාධිපතිවරයාට ද දැනුම් දුන් බව කියා සිටියා.

ෆීල්ඩ් මාර්ෂල් තනතුර සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් හිටපු යුධ හමුදාපතිවරයා ගෙන් කරුණු විමසු අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එවැනි තනතුරක් දැරීමට තමාට සුදුසුකමක් නොමැති බවයි.

යුද්ධයක් ඇති විටෙක සිටින හමුදාපතිවරයෙකුට එය පිරිනැමෙන බවත්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට එම තනතුර ලැබිය යුතු බව කි හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක, එදා සරත් ෆොන්සේකා යුධ හමුදාවට අණ නොදුන්නේ නම් අද කථා කිරීමට ඇති නිදහස උදා නොවෙනු ඇති බව කියා සිටියා.

එමෙන්ම රටේ නැවතත් යුද්ධයක් ඇති නොවේවා යන්න තම ප්‍රාර්ථනය වන බවත්, එනිසා නැවත වතාවක් ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් අවශ්‍ය නොවන බවද කියා සිටියා.

ඉරියේදී යුධ හමුදාවේ නිලධාරින් ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී යම් වෙනසක් සිදුවෙනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ජා වෙමින් පවතින බව හිටපු යුධ හමුදාපතිවරයා කියා සිටියා.

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටා ගැනීම NethNews

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top