මුළු ලෝකයේම ජනප්‍රිය සෝෂල් මීඩියා චීනයේ තුල හැමදාටම බ්ලොක්.ඒ වගේම චීනයේ මූවි වල ඉදන් ෆිල්ටර් කරලා රජයට අවශ්‍ය දේ තමයි එයාලගෙ ජනතාවට පෙන්නන්නෙ.ඒ වගේම මොකක්හරි දෙයක් සර්ච් කරද්දි චීන රජයට අවශ්‍ය දේ තමයි මිනිස්සුන්ට අහෙන්න බලන්න ඔවුන් සලස්වන්නෙ.උදාහරයක් කිව්වොත් මූවි එකකින් මියුසික් වීඩියෝ එකකින් එකකින් රජයට බලපෑමක් එල්ලවෙනවා නම් ඔවුන් ඒක මිනිස්සුන්ට දකින්න සලස්වන්නේ නෑ කොහමද එහෙම කරන්නෙ ? ලිපිය කියවන්න එතකොට තේරෙයි
චීනෙ රජය ප්‍රධාන කරුණු 3 ක් නිසා තමයි මේ විදියට සෝෂල් මීඩියා බ්ලොක් කරලා තියෙන්නෙ ඒ හේතු තමයි
01.රජය හරියට පවත්ව ගන්න
රජයේ තියෙන අඩුපාඩු මිනිස්සු කතා කරන එක නවත්තන්න
රජයට ඕන විදියට මිනිස්සු කන්ට්‍රෝල් කරන්න
02.එයාලගෙ ටෙක් ඉන්ඩස්ට්‍රි එක දියුණු කරන්න
03.සයිබර් මිලිටරි කන්ටෝල්
ඉතිං සිංදු මූවි වෙබ් සයිට් හැම දේම රජයට ඕන විදියට තමයි මිනිස්සු දකින්නෙ.ඉතිං මිනිස්සු රජයට ඕන දේවල් විතරයි දැනගන්නෙ.වැදගත්ම දේ තමයි චීනෙ තියෙන්නෙ එක දේශපාලන පක්ෂයයි
ඉතිං මීට කාලෙකට කලින් චීනෙ දෙවෙනි පක්ෂයක් හැදුනා.ඉතිං මිනිස්සු එකතු වුනේ වෙබ් සයිට් එකක් හරහා.ඒක ලොකු පෙරලියක් වුනා.අවසානෙට චීනෙ රජය කරේ ඒ මිනිස්සුන්ට දඩුවම් දීලා ඒ වෙබ් අඩවියත් තහනම් කරපු එක.අවසානෙට ඔවුන් අන්තර්ජාලය තහනම් කරලා ෆයර්වෝල් එකක් නිර්මානය කරා.ෆයර්වෝල් එකකින් කරන්නෙ අපි සහ අන්තර්ජාලය අතර වෙන දේවල් ෆිල්ටර් කරන සිස්ටම් එකක්
මුළු ලෝක ජනගහනයෙන් 20% ක් ඉන්නෙ චීනෙ.ලෝකෙ ප්‍රධාන සෝෂල් මීඩියා චීනෙට ආවොත් එයාලට අසීමිත මුදලක් උපයගන්න පුළුවන්.මොකද ලෝක ජනගහනයෙන් 20% ක් ඉන්නෙ චීනෙ.ඒක ලෝක බල තරගෙත් එක්ක එයාලට ලොකු පාඩුවක්.ඉතිං කාලෙකට කලින් මුලින්ම චීනෙට මේ සෝෂල් මීඩියා හදුන්වලා දෙද්දි චීනෙ ඔවුන්ට ප්‍රධාන නීතියක් පනවනවා.ඒ තමයි මේ ටෙක් කම්පැනිවල සර්වර් එයාලගෙ රටේ ස්ථාපනය කරන්න ඕන ඒ වගේම ඒවා භාවිතා කරන පුද්ගලයන්ගෙ හැම දත්තයක්ම රජයට ඇක්සස් කරන්න හැකියාව දෙන්න ඕන කියලා.ඒ කියන්නෙ මිනිස්සු යවන මැසේජ් වල ඉදන් එයාලට බලන්න ඕන කියන එක පිංතූර දාන්නෙ කවුද වීඩියෝ දාන්නෙ කවුද එයාල කොහෙද ඉන්නෙ මොනවද කරන්නෙ වගේ හැම දත්තයක්ම එයාලට ඇක්සස් කරන්න පුළුවන් වෙන්න ඕන කියන එක
ඉතිං ටෙක් කම්පැනි චීනෙ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා චීනෙට යන්න ඔවුන්ට අවස්ථාවක් උදාවුනේ නෑ.ඉතිං චීනෙ වෙනම වෙබ් සයිට් එකක් නිර්මානය කලා.අපි භාවිතා කරන හැම සෝෂල් මීඩියා එකකම කොපියක් ඔවුන්ට තියෙනවා.අපි ගත්තොත් ගූගල් ෆේස්බුක් වට්ස්ඇප් … චීනෙට වෙනම ෆේස්බුක් එකක් තියෙනවා වෙනම නමකින්.ගූගල් සර්ච් එන්ජින් මේ හැමදේම ඒ විදියටම වෙනම නමකින් ඔවුන් භාවිතා කරනවා.

ඉතිං මේ සෝෂල් මීඩියා වලට නිකන්ම යන්න බෑ ජාතික හැදුනම්පතේ ඉදලා හැම විස්තරයක්ම ඇතුලත් කරලා තමා ඒ එකවුන්ට් හදන්න දෙන්නෙ ඒකෙ තේරුම හදන එකවුන්ට් එකෙ අයිති පුද්ගලයා ගැන හැම තොරතුරක්ම චීනය සතුයි..ඉති මැසේජ් කරන්නෙ මොනවද කාටද මැසේජ් කරන්නෙ ෂොපින් කරන්නෙ මොනවද කියලා ඔවුන් දන්නවා අදාල පුද්ගලයා ගැන.ඉතිං රජය මේ හැමදේම දිහා බලාගෙන තමයි ඉන්නෙ
ඉතිං මිලියන 700 ක් ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා චීනෙ.ඔවුන්ව කන්ට්‍රොල් කරන්න අලුත් සොෆ්ට්වෙයාර් ආර්ටිවිෂල් ඉන්ට්‍රලිජන්ට් වගේ ගොඩක් දේවල් ඔවුන් භාවිතා කරනවා.ඒ වගේම චීනයේ රජය විසින් ඉන්ටර්නෙට් පොලිස් ඔෆිසර්ස්ලා මිලියන දෙකක් විතර පරිගනක වලින් බලන් ඉන්නවා මිනිස්සු කරන්නෙ මොකක්ද කියලා
ඒ වගේම චීනෙ ඉන්නවා වෙනම ආර්මි එකක් ඉන්නවා රජයට මොකක් හරි ප්‍රශ්නයක් වෙන දෙයක් වුනාම රජයට පක්ෂපාති වෙන විදියට කමෙන්ට් දාන්න මිනිස්සුන්ව පොලඹවන්න.
පුංචි උදාහරනයක් කියන්නම් මිනිස්සු රජයේ අඩුපාඩුවක් වැරදි දෙයක් ගැන කතා කරන්න පටන් ගද්දි නතර කරන්නම බැරි විදියට ප්‍රශ්නය යනවා නම් මෙයාල කරන්නෙ අදාල වෙබ් අඩවි බ්ලොක් කරන එක නෙවෙයි ඒ සෝෂල් මීඩියා වෙබ් අඩවි ටික ටික ස්ලෝ කරල ස්ලෝ කරලා මිනිස්සුන්ට ඒ වෙබ් අඩවි එපා කරවන එක අනික තමයි අපි හිතමු මිනිස්සු සීරියස් දෙයක් ගැන කතා කරගෙන යනවා එතකොට මෙයාලගෙ සයිබර් ආර්මි එක කරන්නෙ ඒක ආතල් එකක් කරන එක ෆනී දෙයක් කරන එක එතකොට ප්‍රධාන මාතෘකාව නිකන්ම ජෝක් එකක් වෙලා යට යනවා.ඒ ප්‍රශ්නෙ සම්පූර්නෙන්ම අමතක කරලා දානවා.ඔන්න ඔය විදියට තමයි චීනය මිනිස්සුන්ව පාලනය කරන්නෙ.රජයට ඕන විදියට මිනිස්සුන්ව රූකඩ වගේ පාලනය කරන්නෙ
ලංකාව ගැනත් කියන්නම්කො
සෝෂල් මීඩියා වලින් ලංකාවට වාසියක් තියෙනවද ?
ඔව් ඇත්තෙන්ම මේ වෙද්දි ලංකාවේ විසිදාහකට වැඩි පිරිසක් ඉන්නවා අන්තර්ජාලයෙන් මුදල් උපයන විදෙස් විනිමය රටට ගේන.ඒ වගේම බහුතරයක් මේ දේවල් කරන්නෙ සෝෂල් මීඩියා වලින්.ඉතිං මේ වෙද්දි ගෘහසේවයට යන අයටත් වඩා වැඩි මුදලක් මේ අය රටට ගේනවා.ඉතිං මේ ගැන පාසල් වල විෂයන්ටත් දාලා උගන්නවා නම් ලමයින්ට අනාගතයේදී මේ ඉන්ටර්නෙට් හරහා විශාල මුදල් ප්‍රමානයක් අපේ රටට ගේන්න පුළුවන් වෙනවා.තාමත් ඒ ගැන අපේ රටේ නායකයන්ගේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක්
වැදගත් කියලා හිතෙනවා නම් අනිත් අයටත් බලන්න share කරන්න