News

සැග වී ගිය පිය සෙනහස

නොච්චියාගම ප්‍රදේශයේදී බීමත් පුද්ගලයෙකු පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිඳට එල්ල කළ පොලු පහරක් ඔහුගේ තෙමස් වියැති සිඟිත්තාට වැදී බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

සැඟව ගිය පිය සෙනෙහස-බීමතින් සිටි පියා මාස 3ක බිළින්දා පොළොවෙ ගසයි

එහිදී මෙම ආරවුල දුර දිග යමා නිසා කෝපයට ගම්වාසීන් විසින් අදාල පුද්ගලයාට පහරදී ගස් බැඳ නොච්චියාගම පොලීසියට භාර දී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

නොච්චියාගම, කටලුපත්වැව කබරගොයා වැව ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ මෙම පවුල් ආරවුල ඇති වී තිබේ.

එහිදී අදාල පුද්ගලයා විසින් සිය නිවසේ බඩු මුට්ටුද විනාශ කර තිබූ ආකාරයයි මේ.

මෙහිදී බීමතින් සිටි අදාල පුද්ගලයා විසින් සිය බිරිඳට පොල්ලකින් පහරදී ඇති අතර එහිදී එම ප්‍රහාරය බිරිඳගේ ඇකයේ සිටි ඔහුගේ තෙමස් වියැති බිලිඳාගේ හිසට වැදී බරපතළ තුවාල සිදුවී තිබේ.

එම අවස්ථාවේදී පැමිණි ගම්වාසීන් විසින් අදාල පුද්ගයාව ගස් බැඳ තිබේ.

අනතුරුව එම ස්ථානයට පැමිණි නොච්චියාගම පොලිසිය විසින් අදාල පුද්ගලයාව අත්අඩංගුවට ගනු ලැබීය.

මෙහිදී තුවාල ලැබු දරුවාව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දරුවාගේ ඇසට ශල්‍යකර්මයක්ද සිදුකර තිබේ.

මේ අතර ප්‍රදේශවාසීන් පවසන්නේ ප්‍රෙද්ශයේ ඇති නීති විරෝධී මත්පැන් පාලනයට බලධාරීන් නිසි පියවර නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය සිට ගම්මානයට උද්ගතවී ඇති බවයි.

වීඩියෝව මෙතනින් බලන්න

අරක්කු කියන්නෙ ශාපයක්.තාත්තට පුතාවත් අදුරගන්න බැරි වෙනවා නන් තව කවර කතාද

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටා ගැනීම අද දෙරන

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top